මොරගහකන්ද මහින්දගේ වැඩක්.. මෛත‍්‍රිට තිබුනේ වතුර පුරවන්න විතරයි..- SM

July 26, 2018 at 2:10 pm | lanka C news
මොරගහකන්ද මහින්දගේ වැඩක්.. මෛත‍්‍රිට තිබුනේ වතුර පුරවන්න විතරයි..- SM

මොරගහකන්ද ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ කටයුත්තක් බවත් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඉතිරිව තිබුනේ ජලය පිරවීම පමණක් බවත් අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා මෙම ව්‍යාපෘතිය සදහා 2007 වසරේදී මුදල් ලබා දුන් බවත් ඒ සදහා දේශීය මුදල් යෙදවීමට රාජපක්‍ෂ මහතාට අදහස් කර සිටි බවත් මන්ත‍්‍රීවරයා කීය.

මෙම ව්‍යාපෘතිය සදහා හිටපු ජනාධිපතිවරයා සහාය නොදුන්නේ යයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කරන ලද ප‍්‍රකාශය අසත්‍ය බවත් ගිය රජය මෙම ව්‍යාපෘතිය ආරම්භ නොකලේ නම් වත්මන් ජනාධිපතිට සිහිනය සැබෑ කර ගැනීමට ඉඩක් නොලැබෙන බවද සදහන් කලේය.

144 views
Main News