මොරගහකන්ද හිදේ.. යටවු ගම් බිම් යලි මතුවෙයි..

August 14, 2017 at 5:30 pm | lanka C news

මොරගහකන්ද ජලාශයේ ගබඩා කළ ජලය වගාබිම් සදහා මුදා හැරීමත් සමග ජලාශයට යටවු ගම්මාන මේ දිනවල යළි දැකගන්නට ලැබේ.

නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගම්මාන හයක ජනතාව ජලාශයේ ජලය පිරීම හේතුවෙන් නැවත වෙත් ස්ථානවල පදිංචිකරන ලදි.

ජලාශයේ ජල මට්ටම පහලයැමත් සමග කඹරව විහාරස්ථානය නැවත දැකගන්නට හැකිව තිබේ.

ඉකුත් දා ජලයෙන් යටවු ගම්මාන වල සිදුකල සංචාරයේ දී අපට දැකගන්නට හැකිවුයේ මොරගහකන්ද ජලාශයේ ද සැලකියයුතු මට්ටමක ජලය පහල බැස ඇති අයුරුයි.

මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පි. ජී. දයානන්ද මහතා කියා සිටියේ අක්කර අඩි එක්ලක්ෂ තිස් දහසක ජල ධාරිතාවෙන් මේ වන විට අක්කර අඩි පනස් දහසක් ගොවි කටයුතු සදහා මින්නේරිය,කවුඩුල්ල,කන්තලේ සහ පරාක‍්‍රම සමුද්‍රය වෙත මුදා හැර ඇති බවයි.

කෙසේ වෙතත් මාස්කන්නයේ ඉහල ජලාධාර ප‍්‍රදේශ සදහා ඇදහැලෙන වර්ෂා තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහල යන බවත් සැලසුම්කර ඇති පරිදි ජල විදුලි නිෂ්පාදනය ද ඉදිරියේ දි සිදුවිමට නියමිත බවත්ය.

– ඉන්දික අරුණ කුමාර

88 views