මොරටුවේ පන්සලක් ගිනිගනී.. දැඩි අලාභ..

May 17, 2019 at 10:00 am | lanka C news
මොරටුවේ පන්සලක් ගිනිගනී.. දැඩි අලාභ..

අද පෙරවරු මොරටුව කටුබැද්ද ශ්‍රී ඥාණවිමලාරාමය විහාරස්ථානයේ ගින්නක් ඇති වී තිබේ.

විහාරස්ථාන ගොඩනැගිල්ලේ තුන්වෙනි මහලේ ඇති වූ ගින්න හේතුවෙන් විශාල අලාභ හාවි සිදුව ඇත.

පරීක්‍ෂණවලදී හෙලිව ඇත්තේ විදුලි කාන්දුවකින් මෙම ගින්න ඇති වූ බවයි.

ගිනි නිවන අංශ විසින් ගින්න පාලනය කර ඇත.

98 views
Main News