මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනය හෝමාගම , දියගම දී විවෘත කෙරේ…

August 12, 2017 at 2:18 am | lanka C news
මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනය හෝමාගම , දියගම දී විවෘත කෙරේ…

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ හෝමාගම, දියගම ඉදි කල මොරටුව විශ්වවිද්‍යාලයීය අති නවීන පහසුකම් වලින් සමන්විත තාක්ෂණික ආයතනය සිසු අයිතියට පත් කිරීම සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ආරාධනයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

විවෘත කරනු ලැබූ නව තාක්ෂණික ආයතනය , අධ්‍යන හා පරිපාලන ගොඩනැගිල්ලි සංකීර්ණයකින් , නේවාසිකාගාරයකින් , බහු කාර්ය සම්මන්ත‍්‍රණශාලාවකින් , කායවර්ධන ඒකකයක් සහ ක‍්‍රීඩාංගණයකින් සමන්විතය. ඉන්ටර්නැෂනල් කන්ස්ට‍්‍රක්ෂන් කොන්සෝටියම් ආයතනය මඟින් මාස 28 ක කාලයක් තුල මෙම ව්‍යාපෘතිය නිම කරන ලදි.

මේ අවස්ථාවට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඞී.සී දිසානායක , විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ඩි.සිල්වා , මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන , මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂ එම්.එම්.පී.ඞී සමරසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු රැසක් සහභාගි වූහ.
මෙයට

– රජිත සමරසූරිය

80 views

4 Comments to “මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනය හෝමාගම , දියගම දී විවෘත කෙරේ…”

  1. aniwa says:

    at last, these guys have their own place now.

  2. saba says:

    They are change to new place for county need,but Ampari & Katubedda are their 1st place

Main News