මොරටු නගර සභාවත් පොහොට්ටුව බලය අල්ලයි..

March 26, 2018 at 12:02 pm | lanka C news
මොරටු නගර සභාවත් පොහොට්ටුව බලය අල්ලයි..

මොරටුව මහ නගර සභාවට නගරාධිපතිවරයෙක් පත් කිරීම සදහා අද පැවති ඡුන්ද විමසීමෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරයා ජයගනු ලැබීය.

ඒ අනුය මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස නැවත වතාවක් සමන් ලාල් ප්‍රනාන්දු මහතා පත්ව සිටී.

දභාවේ පැවති ඡන්ද විමසීමේදී සමන් ලාල් ප‍්‍රනාන්දු මහතාට පක්‍ෂව ඡන්ද 23 ක් ලැබින.

එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කල අපේක්‍ෂකයා ලබා ගත්තේ ඡන්ද 16 ක් පමණි.

ශ්‍රීලනිප 04ක් ජවිපෙ 04, ස්වාධීන 01ක් ඡුන්ද දීමෙන් වැලකි සිටියේය.

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී මොරටු මහ නගර සභා බල ප‍්‍රදේශය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත්තද එය තනිව බලය පිහිටුවීම සදහා ප‍්‍රමාණවත් නොවීය.

3 views

2 Comments to “මොරටු නගර සභාවත් පොහොට්ටුව බලය අල්ලයි..”

  1. අරුණ says:

    පොහොට්ටුව….මොරටු මහ නගර සභා බල ප‍්‍රදේශය වැඩි ජන්ද 14000කින් පමණ දිනුවා කොඨ්ටාස 29 යෙන් 23ක් දිනුවා නමුත් ලයිස්තු මන්ත්‍රීධූර 19 ෙයන් 10ක් එජපයට ශ්‍රීලනිප 04ක් ජවිපෙ 04, ස්වාධීන 01ක් ලෙස මැතිවරණ ක්‍රමෙයන් මංකොල්ල කෑවා…..

Main News