මොල හතානෝ ආවාම සීනි කිලෝව 220ට නැගලා.. පුනර්ජීවනේ කෝ..

August 29, 2021 at 8:02 am | lanka C news
මොල හතානෝ ආවාම සීනි කිලෝව 220ට නැගලා.. පුනර්ජීවනේ කෝ..

‘ආණ්ඩුව ආර්ථික පුනර්ජීවනයක් කරන්න එනවා කියලා තමයි ආවේ. මොල හතානෝ ආවාම සියලු දේවල් හරි යනවා කිව්වට ඊයේ වෙද්දි සීනි කිලෝ එකක් රු220 ට නැගලා. පාරිභෝගික ඇමතිවරයා සහ ආණ්ඩුව කියනවා වෙළෙන්දා රුපියල් 100ක ලාභයක් ලබනවා කියලා. වෙළෙන්දා පාලනය කරන්න බැරිනම් මොකටද ආණ්ඩුවක්’ යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

රට තබන ලෙසට ඉල්ලීම් කරන්නේ පාපිෂ්ඨ සාහසික යැයි සෞඛ්‍ය ඇමැතිවරයා පවසන බවත්, ඒ අනුව මහානායක හාමුරුවෝත් පාපිෂ්ඨ සාහසික බලවේගයක්දැයි ඇමැතිවරයාගෙන් ප‍්‍රශ්ණ කරන බවත්, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

මුදල් රාජ්‍ය ඇමැතිවරයා රටේ ආර්ථිකය ගැන සිතා රට විවෘත කළ යුතු යැයි පැවසුවත්, ජනතාව මළ සොහොන් බිමක්වූ විට ආර්ථිකයෙන් ඇති ප‍්‍රයෝජනය ලංකාව ඇතුලේ තියෙන, රාජ්‍ය ආයතනයක් වන පැලවත්ත සීනි සමාගම ලගදි ටෙන්ඩර් එකක් දානවා සීනි කිලෝ එකක් රු.182.11 ගානේ. රජයට සීනි මිල පාලනය කරන්න උවමනාවක් තියෙනවානම් පුලුවන්නේ පැලවත්ත සීනි සමාගමෙන් සතොස හරහා පාලන මිලක් දාලා අඩු මුදලකට සීනි දෙන්න. එතකොට අනිත් සීනි ව්‍යාපාරිකයොත් මිල අඩු කරයි. එහෙම කරන්නැතුව ආණ්ඩුව ඊයෙත් නැවත වතාවක් සීනි ආනයනය කරන ව්‍යාපාරිකයන්ට තවත් සහනයක් ලබා දීලා මිල අඩු කරන්න කියලා.

ආණ්ඩුව දැන් හත්පොලේ ගාගෙන තියෙන්නේ. මේ අය ආවට පස්සේ 70 ට තිබ්බ හාල් දැන් 120 යි, 60 ට තිබ්බ පොල් 100 යි, 80 ට තිබ්බ ළූණු දැන් 150 යි, 400ට තිබ්බ මුංඇට 900 යි. තව මේ වගේ ගොඩක් තියෙනවා.

සීනි, ඩොලර් එක, කීරි සම්බා ඔක්කොම එක ගානට ඇවිල්ලා. කොළඹ සහ කොළොන්නාව ආශ්‍රිත අඩු ආදායම්ලාභී නාගරික ජනතාවට මේ දෙන රු.2000/-න් මොනවද ගන්න පුළුවන්. ආණ්ඩුවේ අකාර්‍යක්ෂමතාවය දැන් ජනතාවට හොදටම පැහැදිලි බවත් සදහන් කෙරිණ.

ණය බරින් මිරිකිච්ච අපි වගේ රටකට ණය බර තුලින්ම තමයි එලියට එන්න වෙන්නේ. ණය නොගෙවා එන්න වෙන්නෙ නෑ. ජාත්‍යන්තර rating ආයතන (CCC +) ස්ථානයේ තිබ්බ අපේ රට (CCC -) ස්ථානයට ගෙනල්ලා. ඒ අනුව ඒ අය පුරෝකථනය කරනවා ඊලග අවුරුද්දක කාලය තුල අපේ ණය ගෙවීමේ හැකියාව අඩු වෙනවා. ඒ වගේම විශාල ආර්ථික අර්බුදයකට යනවා. සංචාරක කර්මාන්තයෙන්, අපනයනයෙන්, විදෙස් ශ්‍රමිකයන්ගෙන් එන ඩොලර් ප්‍රමාණයන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඍජු විදේශ ආයෝජන ලංකාවට නොඑන තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේක කළු සල්ලි සුදු කරන පාරාදීසයක් බවට පත්වෙලා තියෙන නිසා. අපිට ඉතිරිවෙලා තියෙන හොදම විසදුම තමයි දැනට ණය ලබාගෙන තියෙන රටවල්වලින් හා ආයතනවලින් මේ ණය ප්‍රතිව්‍යුහගත කරලා, grace period එකක් ඉල්ලගෙන දැනට එන ආදායම රටේ එදිනෙදා කටයුතු හා කෝවිඩි කළමණාකරණ කටයුතු සදහා යොදවලා ඊට පස්සේ ආර්ථිකය ශක්තිමත් කරගෙන ණය නැවත ගෙවන්න කටයුතු සකසගන්න සාකච්ඡා කළ යුතුයි. ඒක නිකං කරන්න බෑ. ඒකට ඒ රටවල්, ආයතන පිලිගන්න ඕන අපේ රට ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා, මානව හිමිකම්වලට ගරු කරනවා, නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරනවා කියලා. GSP + සහනය අහිමි වුනොත් අපේ අපනයන මීටත් වඩා කඩා වැටිලා ආර්ථිකය කුඩු පට්ටම් වෙලා විනාශකාරී තත්ත්වයකට යන්න තියෙන සම්භාවිතාවය ඉතා වැඩි.

මේ හැම දෙයින්ම පීඩාවට පත්වෙන්නේ ජනතාව. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගත කරලා ප්‍රජාතන්ත්‍රවාදය රැකලා, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරලා, ජාත්‍යන්තරය දිනාගෙන ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවලකට එන්න කියලා ආණ්ඩුවට කියන්න කැමතියි

– media unit

20,921 views

42 Comments to “මොල හතානෝ ආවාම සීනි කිලෝව 220ට නැගලා.. පුනර්ජීවනේ කෝ..”

  1. Sam says:

    තොපි නිසා තමා යකෝ මෙතරම් මිනිසුන් ප්‍රමාණයක් මිය යන්නේ. ස්ටාර්ලින් කියන එන් ජී ඕ හොර තක්කඩියයි ජෙප්පොයි එක්ක එක්වෙලා ගුරුවරු පාරට බස්සපු නිසා තමා මෙතරම් විනාශයක්උනේ. අද ගුරුවරු බුරුතු පිටින් මැරෙනවා. ඒ වර්ජනයට සහබාගී උන ගුරුවරු ගැන එතරම් වරදක් දකින්නේ නෑ උන්ට පඩි වැඩි කරනවා කීවොත් උන්ගේ පස්චාත් බාගය පවා පුදකිරීමට පසුබට නොවන ජාතියක් මේ ගුරු හොරු. මේ මරණ වලට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ මේ විපක්ශයේ තක්කඩි.

  2. සිංහල බන්ඩා says:

    කබූල් UN වැඩකල ලාංකිකයන් 86 න් සහරාන්ලා 20 ක් තලේබානයේ නතර වෙලා ඊලඟ පාස්කු බෝම්බෙට පුහුනුව ලබන බව මරික්කයා දන්නවා.

  3. පබිලිස් says:

    රජයක් විසින් කරන්න ඕන දෙවල් රූපවාහිනී නාලිකා වලින් කරන්න නේ.
    ඊයෙ සීනි ටොන් 4800ක් ගබඩා කරගෙන ඉන්න මාබෝලේ ස්ටෝරූවක් පෙන්නුවා .
    පොඩි දෙයක් තියෙන්නෙ සත .25ට බදු අඩු කරපුව හම සීනි අපනයනය කර හා ප්‍රමාණය න් විකුනු ප්‍රමාණය න් ගන්න තියෙන්නෙ .
    සීනී ඕනෙනම් වියපරක්‍යින් 50ක් ආනයනය කරනව එතී .

  4. Be united says:

    බලය නැති විට තම වාසිය වෙනුවෙන් උඩු බුරන බලය ඇති විට ගලෙ පැහැරූ බළලුන් වන මෙ හිගන දෙශපාලුවන්ගෙ සියලු දීමනා නිශ්චිත වැටුපකට සීමා කළ යුතුය.

    • අයියෝ සල්ලි says:

      මෙවැනි දේශද්‍රෝහී පරයන්ට පඩි නොගෙවිය යුතුයි. මුන් රට කනව මදිවට තව පඩිත් ගෙවන්න?

  5. Jagath says:

    තාම සීනි විතරයි. මාස 2-3 බෛයියන්ට කැදත් නෑ බොන්න.

    • ලෘර්දු says:

      තමන්ගෙ රටට කෙලවෙනකොට පටු දේශපාලන වාසි ගන්න අරමුණෙන් හුරේ දාන තෝත් මිනිහෙක්ද?

      • Jagath says:

        උඹලා කොච්චර කුලියට ලිව්වත් සර් කිච වෙලා ඉන්නේ.

        • ලෘර්දු says:

          එක මිනිහෙක් කිච කරන්න වසංගතයක් මැද්දේ විරෝධතා කරලා වසංගතය බෝකරවලා මිනීමරන උඹලා තරම් කිච වෙලා නැතුව ඇති

    • kuhaka jvp says:

      කාලකන්නි මූසලයා තමන් ඉන්න රටට කෙලවෙනකොට සතුටු වෙන උඹ මව් කිරි බීපු එකෙක් වෙන්න බැහැ. උඹලා වගේ කාලකන්නි මකබෑවෙලා යනකල් මේ රට ගොඩගන්න ගෝඨාභයට නෙවෙයි සක්කරයටත් බෑ.

      • Jagath says:

        මුලින්ම කිව්වේ සර් ට බෑ කියලා.දැන් ඉතින් රටින් පැනල යන්න කිය්පල්ල උඹලත් එක්කම. අපි රට හදන්නම්

        • kuhaka jvp says:

          උඹලා වගේ දේශද්‍රෝහී බල්ලන්ට රට බාර දෙන්නෙ මොකටද බන්? උඹලගෙ සොන්න රැල 2015 කුහක ජෙපි කාලකන්නි එක්ක ඇවිත් නයට අරන් පක්පූටි දාලා බෝම්බ ගහලා යාකඤාකරන්න ගිය අහිංසක මිනිස්සු මැරුව හැටියට උඹලගෙ සොන්නයන්ට ආයෙ බලයක් දෙන්න මිනිස්සු මැරිලා උපන්නෙ නෑ පරයො.

          • Jagath says:

            බෝම්බ ගහපු උන් මාස 6 අල්ලලා හිරෙත් දාලා ඇති මගේහිතේ. 😂😂

          • Jagath says:

            එක රටක් එක නීතියක් ඒක බෛයියෝ අන්දන්න ගෙනාපු හීනයක්. 😂

  6. රංජිත් විජේසිංහ says:

    එදා ආණ්ඩු බලේ අරන් ඩොලර් එක අහස උසට නග්ගල රට කාලා දැන් කියන කතා ඇහෙනකොට ලගට ගිහින් හොම්බට අනින්න හිතෙනවා.

  7. Truth says:

    no one think about the poor only reach send comments so you get most of the comments approving the high price rates in county

  8. Jagath says:

    ඊළඟ මාස 3 නගින ඒවා දැක්කම බෛයියන්ට දෙවි පිහිටයි

    • ජැකා says:

      මගෙ මල්ලියා නැගලා තියෙන්නෙ උබට ඕනද?

      • Jagath says:

        ඕක ගිහින් සර් ගේ කටේ ගැහුවා නම් හරි.දත කට පූට්ටු වෙලා සර් ඉන්නේ.

  9. රුක්ෂාන් සිල්වා says:

    මුන් ආණ්ඩුව ගන්නකොට 2015 ඩොලර් එක තිබ්බේ 134 කට වගෙ යනකොට 180 පැනලා දැන් කියනවා හාල් ඩොලර් එකක් වෙලාලු. මේ වෛරසයත් එක්ක ගහන ගෙමේ හැටියට ඔය ගානට තියෙන එකත් ලොකු දෙයක්. මුන්ගෙ ආර්ථික කලමණාකරනය හොද වුණා නම් ඒ කාලෙ අද මේ හෙම වෙනවද.

  10. Chthura Gunarathna says:

    Marikarayo e dawas wala api dakka bolalage keruwawa. Dan awith methana nikan hal parippu sini gana kiywanne nthuwa ratta wadagath deyak ktha kranawako.

Main News