මොල හතානෝ ආවාම සීනි කිලෝව 220ට නැගලා.. පුනර්ජීවනේ කෝ..

August 29, 2021 at 8:02 am | lanka C news
මොල හතානෝ ආවාම සීනි කිලෝව 220ට නැගලා.. පුනර්ජීවනේ කෝ..

‘ආණ්ඩුව ආර්ථික පුනර්ජීවනයක් කරන්න එනවා කියලා තමයි ආවේ. මොල හතානෝ ආවාම සියලු දේවල් හරි යනවා කිව්වට ඊයේ වෙද්දි සීනි කිලෝ එකක් රු220 ට නැගලා. පාරිභෝගික ඇමතිවරයා සහ ආණ්ඩුව කියනවා වෙළෙන්දා රුපියල් 100ක ලාභයක් ලබනවා කියලා. වෙළෙන්දා පාලනය කරන්න බැරිනම් මොකටද ආණ්ඩුවක්’ යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

රට තබන ලෙසට ඉල්ලීම් කරන්නේ පාපිෂ්ඨ සාහසික යැයි සෞඛ්‍ය ඇමැතිවරයා පවසන බවත්, ඒ අනුව මහානායක හාමුරුවෝත් පාපිෂ්ඨ සාහසික බලවේගයක්දැයි ඇමැතිවරයාගෙන් ප‍්‍රශ්ණ කරන බවත්, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

මුදල් රාජ්‍ය ඇමැතිවරයා රටේ ආර්ථිකය ගැන සිතා රට විවෘත කළ යුතු යැයි පැවසුවත්, ජනතාව මළ සොහොන් බිමක්වූ විට ආර්ථිකයෙන් ඇති ප‍්‍රයෝජනය ලංකාව ඇතුලේ තියෙන, රාජ්‍ය ආයතනයක් වන පැලවත්ත සීනි සමාගම ලගදි ටෙන්ඩර් එකක් දානවා සීනි කිලෝ එකක් රු.182.11 ගානේ. රජයට සීනි මිල පාලනය කරන්න උවමනාවක් තියෙනවානම් පුලුවන්නේ පැලවත්ත සීනි සමාගමෙන් සතොස හරහා පාලන මිලක් දාලා අඩු මුදලකට සීනි දෙන්න. එතකොට අනිත් සීනි ව්‍යාපාරිකයොත් මිල අඩු කරයි. එහෙම කරන්නැතුව ආණ්ඩුව ඊයෙත් නැවත වතාවක් සීනි ආනයනය කරන ව්‍යාපාරිකයන්ට තවත් සහනයක් ලබා දීලා මිල අඩු කරන්න කියලා.

ආණ්ඩුව දැන් හත්පොලේ ගාගෙන තියෙන්නේ. මේ අය ආවට පස්සේ 70 ට තිබ්බ හාල් දැන් 120 යි, 60 ට තිබ්බ පොල් 100 යි, 80 ට තිබ්බ ළූණු දැන් 150 යි, 400ට තිබ්බ මුංඇට 900 යි. තව මේ වගේ ගොඩක් තියෙනවා.

සීනි, ඩොලර් එක, කීරි සම්බා ඔක්කොම එක ගානට ඇවිල්ලා. කොළඹ සහ කොළොන්නාව ආශ්‍රිත අඩු ආදායම්ලාභී නාගරික ජනතාවට මේ දෙන රු.2000/-න් මොනවද ගන්න පුළුවන්. ආණ්ඩුවේ අකාර්‍යක්ෂමතාවය දැන් ජනතාවට හොදටම පැහැදිලි බවත් සදහන් කෙරිණ.

ණය බරින් මිරිකිච්ච අපි වගේ රටකට ණය බර තුලින්ම තමයි එලියට එන්න වෙන්නේ. ණය නොගෙවා එන්න වෙන්නෙ නෑ. ජාත්‍යන්තර rating ආයතන (CCC +) ස්ථානයේ තිබ්බ අපේ රට (CCC -) ස්ථානයට ගෙනල්ලා. ඒ අනුව ඒ අය පුරෝකථනය කරනවා ඊලග අවුරුද්දක කාලය තුල අපේ ණය ගෙවීමේ හැකියාව අඩු වෙනවා. ඒ වගේම විශාල ආර්ථික අර්බුදයකට යනවා. සංචාරක කර්මාන්තයෙන්, අපනයනයෙන්, විදෙස් ශ්‍රමිකයන්ගෙන් එන ඩොලර් ප්‍රමාණයන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඍජු විදේශ ආයෝජන ලංකාවට නොඑන තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේක කළු සල්ලි සුදු කරන පාරාදීසයක් බවට පත්වෙලා තියෙන නිසා. අපිට ඉතිරිවෙලා තියෙන හොදම විසදුම තමයි දැනට ණය ලබාගෙන තියෙන රටවල්වලින් හා ආයතනවලින් මේ ණය ප්‍රතිව්‍යුහගත කරලා, grace period එකක් ඉල්ලගෙන දැනට එන ආදායම රටේ එදිනෙදා කටයුතු හා කෝවිඩි කළමණාකරණ කටයුතු සදහා යොදවලා ඊට පස්සේ ආර්ථිකය ශක්තිමත් කරගෙන ණය නැවත ගෙවන්න කටයුතු සකසගන්න සාකච්ඡා කළ යුතුයි. ඒක නිකං කරන්න බෑ. ඒකට ඒ රටවල්, ආයතන පිලිගන්න ඕන අපේ රට ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා, මානව හිමිකම්වලට ගරු කරනවා, නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරනවා කියලා. GSP + සහනය අහිමි වුනොත් අපේ අපනයන මීටත් වඩා කඩා වැටිලා ආර්ථිකය කුඩු පට්ටම් වෙලා විනාශකාරී තත්ත්වයකට යන්න තියෙන සම්භාවිතාවය ඉතා වැඩි.

මේ හැම දෙයින්ම පීඩාවට පත්වෙන්නේ ජනතාව. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගත කරලා ප්‍රජාතන්ත්‍රවාදය රැකලා, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරලා, ජාත්‍යන්තරය දිනාගෙන ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවලකට එන්න කියලා ආණ්ඩුවට කියන්න කැමතියි

– media unit

20,846 views

42 Comments to “මොල හතානෝ ආවාම සීනි කිලෝව 220ට නැගලා.. පුනර්ජීවනේ කෝ..”

  1. Sunil Perera says:

    Meh wage minissu parlimenthuwata yawapu minissunta mulin gahann oni.thnakola kana eun parlimenthu yauwata.

  2. සහොදරය says:

    මොනව නෙතත් කමක් නෙහෙ අහිංසක ගුරුවරු න්ට පඩි වෙඩි කරල පව් . මේ දවස් ටිකේ පුද්ගලික පන්ති (online ) වලින් එන ආදායම විතරයි නේ

    • Joy says:

      මරික්කාර් සීනි භාවිතය නිසයි අද ලෝකයේ දියවැඩියා රෝගය වැඩි ..සිනි වෙනුවට ලංකාවේ දේශීය නිෂ්පාදනයක් වූ හකුරු කර්මාන්තය දියුණු කල හැක. එයින් රටේ ජනතාවට රැකියා ලැබේ …නමුත් . ”මොල හතානෝ” රටේ ජනතාව පත්කළ පුද්ගලයෙක් නොවේ ඔහුව පාර්ලිමේන්තුවට ගැනීමට ඉඩදීම ගැන විපක්ෂය මෙන්ම ආණ්ඩුවත් වගකිවයුතුයි ..ඔබේ යහපාලන ආණ්ඩුව සමයේ ”අර්ජුන මහේන්ද්‍රන් ” මහබැංකුවේ ලොක්කා කරලා මුළු බැංකුව මංකොල්ලා
      කෑවා වගේ ..ඒ බැංකු මගඩියේ මහා හොරා අත්අඩංගුවට ගැනීම ගැන ඔබතුමා කතා නොකරන්නේ මන්ද ? දේශපාලකයෝ සියලු දෙනාම බලේට කෑදර බොරුකාරයෝ ,කපටියෝ ,අවස්තාවාදියෝ නොවේද ?..

  3. Sagarika Alvis says:

    Obathuma oya kiyana dewal e kale kla nm ada rata paradisayk neda? Dan mola hathak gana kiyawanne. Eh kale eheta meheta ada ada idiya. Mahajanathawata ratata kela una.oya logic thibune nh.bboruwata madhya issarahata awith dan wirayo wenna hadanawa.

  4. Hesh says:

    ඈ බොල රට වහන්න කියලා කෑ ගැහුවේ ඇත්තටම මිනිස්සු ගැන හිතලා නෙවේ ආර්ථිකය වැටුනම ඒක ගෝටාභයගේ ඇගේ ගහන්න නේද?

    • සජබ කුහකයා says:

      සජබ අපි මේ රට කරන්න දෙන්නෙ නෑ. කොහොම හරි බලය ගන්න විතරයි අපට ඕනෑ. ඒකට මිනී කඳු ගෙඩගහන්නයි ඕනෑ.

      • 3%ට බය බයියා says:

        තරඟෙට මරලා බලමුද ජවිපෙද සජබද දිනන්නෙ කියලා?

  5. පරදේසක්කාරයෝ පැත්තකට වෙලා හිටපියව්. මේක හෙළයන්ගේ රට. බලන් යනකොට මේරටේ උරුමක්කාරයන්ටත් රටකරනහැටි කියලා දෙන්ට එන්නේ මේ වගේ කොනකපපු තම්බෝයෝනේ. තව අර රදාකොල්ලාවත් කීවානම් කමක් නෑ. මොකද ඌ ඇවිත් මේරටේ සිංහලයන්ගෙන් පැවතෙන එකෙක්.

  6. 3% ට බය බයියා. says:

    මොලේ භාගෙට මැරිච්ච ලේකම් සහ සම්පූර්ණයෙන් මැරුණ ලොක්කා ඉන්නකම් එහෙම තමයි .ඒ දවස් වල පොහොට්ටුවේ දේශප්‍රේමී වහල්ලු එයාට කිව්වේ ආර්ථික ඝාතකයා කියලා .ඔය මොළ හතම තියෙන පුද්ගලයා වාඩි වෙනකොට ඒවා තැලෙනවා.ඒ නිසා ඒවා බුද්ධිමත් ව වැඩ කරන්නේ නැහැ .69 ලක්ෂයේ බයියන්ටත් වුනේ ඒකයි .දැන් ඒක සමහර කට්ටියගේ ටික ටික උඩට එනවා.

  7. අලපති says:

    ලංකාවේ මිනිස්සු පිස්සො. එක මිනිහෙක් ඇවිත් රටක් ගොඩගනී කියලා බලාගෙන ඉන්නවා. මෝඩ මිනිස්සුනේ රට ගොඩගන්න පුළුවන් උඹලා අපට විතරයි. රට ගොඩගන්න නම් හොරට කම්මැලි කමට ඉන්නෙ නැතිව මහන්සි වෙලා වැඩ කරපල්ලා.

    • 3%ට බය බයියා says:

      එහෙම කොහොමද? රටට හෙන ගැහුවත් වර්ජනේ කරන්න ඕනේ
      ධනවතුන්ගෙන් උදුරගන්න ඕනේ
      වැඩ කරන්න නම් බැහැ

  8. unp gal ibba says:

    කුහක ජෙප්පෝ සහ සජබ වඳකරලා දාන්නෙ නැතුව මේ රටට වැඩක් වෙන්නෙ නෑ

    • කුඹුක්කන් says:

      ඒකනම් හරියටම හරි. ඔය පක්ෂ වලින් කලේම මහජන දේපල විනාසය, තරුණ ජීවිත විනාසය, රටට යහපතක් වෙනකොට කකුලෙන් ඇදීම අන්තර්ජාතිකයට ගතු කීම කේළාම් කීම වගේ තුට්ටු දෙකේ වැඩ විතරයි.

  9. cw says:

    විශ්වාස භංගය වත් හරියට ඉදිරිපත් කරගන්ට බැරිවුන අපතය කයිවාරු ගහනවා. පුතානෝ වගේම මී හරකෙක්

  10. Roshan says:

    Mettomulla kunu kandata wandi hari ikmanata gewwa apita matakai.

    • අඩු කුලේ පර හැත්ත says:

      වන්දි හම්බෙනවා නම් මලත් මොකෝ නැද්ද බන්

Main News