මොල හතානෝ ආවාම සීනි කිලෝව 220ට නැගලා.. පුනර්ජීවනේ කෝ..

August 29, 2021 at 8:02 am | lanka C news
මොල හතානෝ ආවාම සීනි කිලෝව 220ට නැගලා.. පුනර්ජීවනේ කෝ..

‘ආණ්ඩුව ආර්ථික පුනර්ජීවනයක් කරන්න එනවා කියලා තමයි ආවේ. මොල හතානෝ ආවාම සියලු දේවල් හරි යනවා කිව්වට ඊයේ වෙද්දි සීනි කිලෝ එකක් රු220 ට නැගලා. පාරිභෝගික ඇමතිවරයා සහ ආණ්ඩුව කියනවා වෙළෙන්දා රුපියල් 100ක ලාභයක් ලබනවා කියලා. වෙළෙන්දා පාලනය කරන්න බැරිනම් මොකටද ආණ්ඩුවක්’ යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

රට තබන ලෙසට ඉල්ලීම් කරන්නේ පාපිෂ්ඨ සාහසික යැයි සෞඛ්‍ය ඇමැතිවරයා පවසන බවත්, ඒ අනුව මහානායක හාමුරුවෝත් පාපිෂ්ඨ සාහසික බලවේගයක්දැයි ඇමැතිවරයාගෙන් ප‍්‍රශ්ණ කරන බවත්, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

මුදල් රාජ්‍ය ඇමැතිවරයා රටේ ආර්ථිකය ගැන සිතා රට විවෘත කළ යුතු යැයි පැවසුවත්, ජනතාව මළ සොහොන් බිමක්වූ විට ආර්ථිකයෙන් ඇති ප‍්‍රයෝජනය ලංකාව ඇතුලේ තියෙන, රාජ්‍ය ආයතනයක් වන පැලවත්ත සීනි සමාගම ලගදි ටෙන්ඩර් එකක් දානවා සීනි කිලෝ එකක් රු.182.11 ගානේ. රජයට සීනි මිල පාලනය කරන්න උවමනාවක් තියෙනවානම් පුලුවන්නේ පැලවත්ත සීනි සමාගමෙන් සතොස හරහා පාලන මිලක් දාලා අඩු මුදලකට සීනි දෙන්න. එතකොට අනිත් සීනි ව්‍යාපාරිකයොත් මිල අඩු කරයි. එහෙම කරන්නැතුව ආණ්ඩුව ඊයෙත් නැවත වතාවක් සීනි ආනයනය කරන ව්‍යාපාරිකයන්ට තවත් සහනයක් ලබා දීලා මිල අඩු කරන්න කියලා.

ආණ්ඩුව දැන් හත්පොලේ ගාගෙන තියෙන්නේ. මේ අය ආවට පස්සේ 70 ට තිබ්බ හාල් දැන් 120 යි, 60 ට තිබ්බ පොල් 100 යි, 80 ට තිබ්බ ළූණු දැන් 150 යි, 400ට තිබ්බ මුංඇට 900 යි. තව මේ වගේ ගොඩක් තියෙනවා.

සීනි, ඩොලර් එක, කීරි සම්බා ඔක්කොම එක ගානට ඇවිල්ලා. කොළඹ සහ කොළොන්නාව ආශ්‍රිත අඩු ආදායම්ලාභී නාගරික ජනතාවට මේ දෙන රු.2000/-න් මොනවද ගන්න පුළුවන්. ආණ්ඩුවේ අකාර්‍යක්ෂමතාවය දැන් ජනතාවට හොදටම පැහැදිලි බවත් සදහන් කෙරිණ.

ණය බරින් මිරිකිච්ච අපි වගේ රටකට ණය බර තුලින්ම තමයි එලියට එන්න වෙන්නේ. ණය නොගෙවා එන්න වෙන්නෙ නෑ. ජාත්‍යන්තර rating ආයතන (CCC +) ස්ථානයේ තිබ්බ අපේ රට (CCC -) ස්ථානයට ගෙනල්ලා. ඒ අනුව ඒ අය පුරෝකථනය කරනවා ඊලග අවුරුද්දක කාලය තුල අපේ ණය ගෙවීමේ හැකියාව අඩු වෙනවා. ඒ වගේම විශාල ආර්ථික අර්බුදයකට යනවා. සංචාරක කර්මාන්තයෙන්, අපනයනයෙන්, විදෙස් ශ්‍රමිකයන්ගෙන් එන ඩොලර් ප්‍රමාණයන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඍජු විදේශ ආයෝජන ලංකාවට නොඑන තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේක කළු සල්ලි සුදු කරන පාරාදීසයක් බවට පත්වෙලා තියෙන නිසා. අපිට ඉතිරිවෙලා තියෙන හොදම විසදුම තමයි දැනට ණය ලබාගෙන තියෙන රටවල්වලින් හා ආයතනවලින් මේ ණය ප්‍රතිව්‍යුහගත කරලා, grace period එකක් ඉල්ලගෙන දැනට එන ආදායම රටේ එදිනෙදා කටයුතු හා කෝවිඩි කළමණාකරණ කටයුතු සදහා යොදවලා ඊට පස්සේ ආර්ථිකය ශක්තිමත් කරගෙන ණය නැවත ගෙවන්න කටයුතු සකසගන්න සාකච්ඡා කළ යුතුයි. ඒක නිකං කරන්න බෑ. ඒකට ඒ රටවල්, ආයතන පිලිගන්න ඕන අපේ රට ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා, මානව හිමිකම්වලට ගරු කරනවා, නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරනවා කියලා. GSP + සහනය අහිමි වුනොත් අපේ අපනයන මීටත් වඩා කඩා වැටිලා ආර්ථිකය කුඩු පට්ටම් වෙලා විනාශකාරී තත්ත්වයකට යන්න තියෙන සම්භාවිතාවය ඉතා වැඩි.

මේ හැම දෙයින්ම පීඩාවට පත්වෙන්නේ ජනතාව. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගත කරලා ප්‍රජාතන්ත්‍රවාදය රැකලා, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරලා, ජාත්‍යන්තරය දිනාගෙන ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවලකට එන්න කියලා ආණ්ඩුවට කියන්න කැමතියි

– media unit

20,846 views

42 Comments to “මොල හතානෝ ආවාම සීනි කිලෝව 220ට නැගලා.. පුනර්ජීවනේ කෝ..”

  1. Ganan master says:

    දශම තිත හරියට තබන තැන ඉගෙන ගන්න. 7 නෙමෙයි දශම 7.

  2. Saradiel says:

    අපේ රට විනාසකලේ රනිල් පස්සේ ගිය මේ හැතිකරේ මහ බැංකුවට වැඩ දුන්නෙත් මුන්ගේ පක්ෂේ තමයි.

Main News