මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම වැරදියි.. ඒ වැරැද්ද නිවැරැදි කරනවා..- අධිකරණ ඇමති
April 14, 2021 at 1:20 pm | lanka C news
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට පසුගිය රජය ගත් නීත්‍යනුකූල නොවන ක්‍රියා මාර්ගය නිවැරදි කිරීමට තමන් පියවර ගන්නා බව අධිකරණ ඇමැති, ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ධූරයෙන් ඉවත් කිරීම යනු නිවැරදි කළ යුතු වරදක් බවත් එම වරද නිවැරදි කිරීමට අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවසීය. එමෙන්ම අගවිනිසුරුවරයකු ධූරයෙන් ඉවත් කිරීමේ ව්‍යවස්ථානුකූල බලයක් ජනාධිපතිවරයකුට හෝ ජනාධිපති ලේකම්වරයකුට නොමැති බව ද අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ අගවිනිසුරු ධූරයෙන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කළේ පාර්ලිමේන්තුවේ කාරක සභාවක් මගින් දුන් නිර්දේශයක් මත බවත් එය නිවැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඩුල්ලක් විසින්ද තීරණය කළ බවත් ඇමැතිවරයා කීය.
අගවිනිසුරු ධූරයෙන් මොහාන් පීරිස් මහතා ඉවත් කළේ පාර්ලිමේන්තු ක්‍රියා පිටිපාටියෙන් තොරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බවත් ව්‍යවස්ථාවට පටහැණිව ගත් එම තීරණය නිවැරදි කළ යුතු බවත් අධිකරණ ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
– ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න
Why can’t you file a case against the former president who has done a ill legal thing?
එතකොට ඔය යෝදයා 2015 ජනාධිපතිවරණය දවසෙ රෑ අරලියගහ මන්දිරේ අස්සෙ රිංගගෙන මොන මගුලක්ද කොළේ?
Hariyata sudusu Kam tiyena kenek CJ kata Nam prashnaya iwarai ne.
Me wage halparuwo path Kara hama itin elawanawa arenna wena karanna deyak neha