මෝටර් රථවලින් නගරයට පිවිසීම අවම කිරීමට පියවර..

February 14, 2020 at 5:30 pm | lanka C news
මෝටර් රථවලින් නගරයට පිවිසීම අවම කිරීමට පියවර..

මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු  අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

පළමු අදියරේ වැඩ අවසන්ව ඇති මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය නිසි ලෙස නිම කර විවෘත කළ යුතුය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වාත්,  පොතුහැර සිට ගලගෙදර දක්වාත් කොටස කඩිනමින් නිම කළ යුතු තවත් ව්‍යාපෘතියකි.

මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා මේ උපදෙස් දුන්නේය.

කඩවත සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගයේ වැඩ නිම වූ පසු රථ වාහනවලට උතුර, නැගෙනහිර සහ බටහිර පළාත්වලට කඩිනමින් පිවිසීමට පිළිවන. ජනතාවට වඩා පහසුවෙන් ගමන් බිමන් යාමට ඉඩ සැලසීම මෙහි අරමුණයි. මාර්ග පද්ධති අතර මනා සම්බන්ධතාවක් ඇති ආර්ථික කොරිඩෝවක් ඉන් නිර්මාණය වෙයි.

ඉංගිරියේ සිට රත්නපුර දක්වා මාර්ගය කඩිනමින් ඉදිකර ජාතික අධිවේගි මාර්ග පද්ධතියට එක් කෙරේ. එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුවෙන් ඇරඹේ. නුවර උමං මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීම අධික මාර්ගද තදබදයට විසඳුමකි.

දැනට අඩක් නිම කර ඇති මාර්ග සහ පාලම්වල ඉදිකිරීම් කඩිනමින් අවසන් කළයුතු බවත්, ග්‍රාමීය මාර්ග පද්ධතිය සෙසු මාර්ග පද්ධතියට සමගාමීව නවීකරණය විය යුතු බවත් ජනාධිපතිතුමා පැවසීය.

ගාලු පාරේ සහ කඩුවෙල, හයිලෙවල් සහ පිළියන්දල මාර්ගවල කොළඹ දෙසට උදේ සවස පවතින වාහන තදබදයට විසඳුම් සෙවීම කඩිනම් කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

අධික තදබදයක් ඇති වන ස්ථාන හඳුනාගෙන ගුවන් පාලම් සහ උමං පිවිසුම් ඉදි කරනු ලැබේ. දෙමටගොඩ, වනාතමුල්ල හරහා බත්තරමුල්ල දක්වා මාර්ගය ඉදිකිරීමේ හැකියාව විමර්ශනය කළයුතුය. එමගින් බොරැල්ල සහ රාජගිරිය මංසන්ධිවල තදබදයට විසඳුමක් ලැබේ.

ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ රථවාහන තදබදයට විසඳුම් ලෙස ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මාර්ගය (මැරයින් ඩ්‍රයිව් ) පානදුර දක්වා දීර්ඝ කිරීමට ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිණ.

සියලු ඉදිකිරීම් සදහා දේශීය ඉංජිනේරුවන්ගේ පූර්ණ දායකත්වය  ලබා ගන්නැයි ජනාධිපතිතුමා පැවසීය.

මාර්ග ඉදිකිරීමට සමගාමීව පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතුය. මෝටර් රථවලින් නගරයට පිවිසීම අවම කිරීමට සුඛෝපබෝගී බස් රථ සහ පාසල් බස් රථ සේවාව විධිමත් කිරීම ගැන සාකච්ඡා කෙරිණ.

නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව කොළඹට පිවිසෙන රථ වාහන ගාල් කිරීමට සුදුසු ස්ථාන සැකසීම කෙරහි ද අවධානය යොමු විය. ව්‍යාපාරික ස්ථාන ස්ථාපනයේ දී  වාහන ගාල් කිරීමේ පහසුකම් සැලසීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා  විදුලි, ජල සහ දුරකථන මාර්ගවලට සිදුවන හානි නතර කිරීමට සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බවට උපදෙස් දුන්නේය.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආටිගල,  මහාමර්ග අමාත්‍යාශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි යන මහත්වරු ඇතුළු නිලධාරිහූ හමුවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

47,656 Viewers

22 Comments to “මෝටර් රථවලින් නගරයට පිවිසීම අවම කිරීමට පියවර..”

  1. අපේ රට says:

    කුරැණැගල දැන් පවතින මාර්ග තදබදයට පිලියම් ලෙස දැනට ඇති උංමන් මාර්ගය ප්‍රධාන මාර්ග ඔස්සේ දිර්ඝ කිරිමත් දබුලුපාරේ මුත්තෙට්ටුගල ගුවන් පාලම කඩිනමින් ඉදිකිරිමත් විශේෂයි.ගැට්ටුවාන -මුත්තෙට්ටුගල දුම් රිය මාර්ගයත් සමග දිවෙන මාර්ගයේ අනිත් පස කොටසේ තොග ගබඩා ඉදිකර නගරයේ තොගගබඩා ඉවත්කිරිමෙන්ද වාහන තදබදය අවනමකලහැක. තවත් යෝජනා ඇත.

  2. Prasad says:

    “ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මාර්ගය (මැරයින් ඩ්‍රයිව් ) පානදුර දක්වා දීර්ඝ කිරීමට”

    මේක කරනවානම් ඒ පාරේ බස් සහ ත්‍රී රෝද ඇතුල්වීම උදැසන 6 සිට 8 දක්වාත් සවස 4 සිට 6 දක්වාත් සීමා කල යුතුයි. ඒ සමගම මෝටර් බයිසිකල් සඳහා මීටරයක පමණ ආරක්‍ෂිත තීරුවක් වෙන් කල යුතුයි. නැත්නම් වැඩක් වෙන්නේ නෑ මොකද මෝටර් සයිකල් වාහන අතරින් යන්න උත්සහා කරන විට වාහන වේගය අඩු වී නැවත තදබදය ඇතිවේ.

    • ප්‍රබා says:

      දනට තියන රේල් පාර උඩින්ම පානදුර ඉදල කොළඹට metro rail දැම්ම නං කි.මි. 25 යන්ඩ උපරිම විනාඩි 30. ගාස්තුව රු 200යි. දැනටත් බොහො අය ටැක්සි වලට රු 1000ක් ගෙවනව ඔය දුර යන්න කාර්‍යාල වෙලාවල් වලදි.

    • Citizen says:

      Actually you don’t need to spend so much money. On the Galle road from Panadura to wellawatta traffic flow can be improved just by disciplining the three wheelers, motor cycles and buses(both CTB and private) who create most of the traffic. If the traffic DIG can come with me a week in the morning and evenings from panadura to Dehiwala-Mount in my car, I can tell him how to reduce traffic at least by 50%

  3. සකලාජන says:

    Please extend marine drive at least till Mount lavinia.
    Find a appropriate place for Jaffna-colombo super luxery service. Wallawaththa near IIT is not a perfect place to handle such huge buses.

  4. 😄😄😄😄😄😊😊😊 says:

    පිටරට හමුවකදී මෙතුමා සමඟ අපි සාකච්චාවක් තිබ්බා මීට අවුරුදු කිහිපයකට කලින්…ඒ කොළඹ.. නුවර හා තදාසන්න ප්‍රදේශවල වාහන තදබදයට පිලියමක් හා විසඳුමක් පිලිබඳව…
    අපි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කොට..
    අපි හැමෝම කිව්වාම ඇයි අපිට බැරි මේ විදියට රට ලස්සන කරගන්න..!
    එතුමා කීවේ කරගන්න ඕනිකමක් නැති එක නොවේ… ඒකෙන් තමන්ට ලැබෙන දෙය අඩුනම් ඒවා නොවුනාට කමක් නැහැ කියල හිතන එක…! එතුමා මතක්කලා පේනවානේද එදා ලස්සන කොලඹ අද තත්වය…( 2017 වර්‍ෂය ගැන සඳහන් කරන්නේ )

    එහෙනම් ඒ යෝජනාව ලඟඳිම මල්ඵල ගැන්වෙනවා වාගේ…

    1. නගරයට වාහනයක් ඇතුලුවීමේ දිනපතා බද්දක් අය කිරීම… දැන් අධිවේග මාර්ගයට ඇතුල්වීමේදි අය කරන්නාසේ… කැමතිනම් ඇතුල්වන්න නැතිනම් සාමාන්‍ය පාරකින් යන්න!
    2. පාසල් පටන්ගන්නා හා ඇරෙන වෙලාවට ත්‍රීවීල් ඇතුලුවීම සම්පූර්නයෙන්ම තහනම්. අවශ්‍යම නම් ටිකට් එකක් අරගෙන එන්න ඕනි. පාසල් ලමුන් වෙනුවෙන් ත්‍රීවීල්වලට ඒ කාලය තුලදි පමනක් ලමයි එකතු කරන හා බස්සවන ස්ථානයක් හදලා දෙන්න ඕනි. ඇවිදින ආරක්‍ෂිත දුරක…

    ඇමෙරිකාව එංගලන්තය වගේ දියුනු රටවල් වල මාර්ග නීතිය හරිම තදයී. දඩකොලය ගෙදරටම තැපෑලෙන් එවන්නේ .. ගෙව්වේ නැතිනම් නඩු..
    මෙතුමා මේවාගේ වාසි දෑසින්ම දැක්කා… 95% කින් අනවශ්‍ය විදියට නගරයට ඇතුල්වෙන වාහන බලා ඉඳිද්දීම අඩුවුනා.. අපි දත්ත සමඟ ඒවගේ වාසි පෙන්නලා දුන්නා.. වාහන තදබදය… ඉන්ධන අවබාවිතය.. පරිසර දූෂනය අවම වෙන විදිය ..

    • Susil says:

      Hon President!
      I am 63 years old!
      I have a dream to see a beautiful, corruption free country under your leadership before I die!❤

  5. MAP Hemachandra says:

    As a temporary measure you synchronize all light signals operation om main roads. That can eliminate upto some extent. When I proposed at a meeting with former Mega Police minister, so called Transport Expert objected.

  6. sithmal says:

    දැනුත් ඉන්නෙ විලියම් හන්දියේ ට්‍රැෆික් එකේ.. එපාවෙනව. පැයක් ඇති ඔෆිස් එකෙන් ඇවිල්ල. තාම මෙතන. ඩ්‍රයිවින් සීට් එකට වෙලා උඩබලන් ඉන්න වෙලාවෙ රටේ සOවර්ධන නිවුස් බලන්න ආව.

    • Viewer0001 says:

      At least they could extend the marine drive till dehiwala while they discuss Bigger plans that won’t be happen in this lifetime.

  7. country man says:

    What you are saying is like a dream come true. Thank you Sir, for ruling and taking this country on the correct path.People of Sri Lanka has waited for a long, long time for this change.
    “MAY THE TRIPLE GEM PROTECT YOU Mr. PRESIDENT”

  8. සමන් says:

    ජනාධිපතිතුමනි, මේ රථවාහන තදබදය අඩු කරන්න ඔබතුමාට හැකි නම්, එය මේ රටට කරන ඉහලම ජාතික මෙහෙවරක් – කිසිම ආණ්ඩුවක් මේ ප්‍රශ්නේ ගැන අවධානය යොමු කරේ නැ!!! – මම මේ රටේ පොදු ප්‍රවාහනය ප්‍රයෝජනයට ගන්න රට වැසියෙක් මා දිනකට ගමන් කරන දුර කිලෝ මිටර් 46-50 පමණ මේ සඳහා මට ගත වන කාලය පැය 3 – 4. ඔබතුමාගේ අවධානය මේ ගැටලුවට යොමු කිරිම ගැන ස්තුතිවන්ත වෙමි.

  9. Kumara says:

    මේ ආකාරයට මාර්ග ඉදිකිරීමෙන් කිසිදාක වාහාන තදබදය නැවැත්විය නොහක…තට්ටු පිට තට්ටු මාර්ග හදලාත් ලෝක්යේ කිසිම රටක වහාන තදබය අඩු වීනැත…….දවසින් දවස වහාන තද්බදයේ වාර්තා අලුත් වීමයි සිදුවන්නේ..
    …කලයුත්තේ පොදු මගී සහ භාණ්ඩ ප්‍රවාහන සේවා වැඩිදියුනූ කිරීමයි…

  10. kumdhar says:

    රට නගන මග… හදවතින්ම සුභ පැතුම්, ජනපතිතුමනි.

  11. Patient says:

    A person who has lived in a developed country gets the understanding and the feeling how to improve the quality of life in our country….Funny as it is Sri Lanka almost prevented him becoming the president for that reason.

  12. jagath says:

    හොඳ ප්‍රවාහන පද්දතියක් තියෙනවානම් අපි වාහන වල ත්‍රී ව්හීල් වල යන්නේ නැහැ. උදේට සවසට කෝච්චියේ වැඩට යන්නේ යාර දෙකක් එළියේ එල්ලිලා. අවුරුදු 72ක් ම මුන් හොරා කෑවේ නැත්නම් මෙහෙම වෙන්නේ නැහැ. හොරකම් කරපු එවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිව රටක් දියුණු කරන්න බැහැ . බලමුකෝ මේ සැරේවත්.

  13. Gamarala says:

    රජයේ නිලධාරීන්ට නිල වාහනය ගෙදර ගෙනයාම තහනමි කලොත් 30% ක් මාර්ග තදබදය ඉවරයි. සංඝණනයක් කර බලන්ක. ඒ අයට පොදු ප්‍රවාහනය යොමුවන්නට ඉඩදෙන්න. පාසැල් පටන් ගන්නා විා හා ඇරෙන විට ප්‍රධාන පාසැල් අසල ගොස් බලන්න රජයේ, පොලිසියේ හා හමුදාවල වාහනයි. මෙීවා නවතා AC බස් මෙී සඳහා ‌ෙයොදවන්න. රටෙී 50% ක් වහන තදබදය නැවතිය හැකියි.

  14. Dhathusena says:

    ඔක්කොටම කලින් මාර්ග විනය හදන්න ඔින. බලන්න ත්‍රි වීල් එක්ක පාරෙ වාහනේකට යන්න පුලුවන්ද කියල. ඉස්සර කිරීම, මහපාරට අතුරුු පාර වලින් දැමීම මේ හැම දේ ඔවුන් නීති විරෝදීව කරන්නෙ. කතා කරොත් කුනුහරුප අහන්න පුලුවන්.

Leave a Comment

Main News