මෝටාර් උණ්ඩ තොගයක් ළිඳක තිබී හමු වෙයි..

July 23, 2019 at 12:40 pm | lanka C news
මෝටාර් උණ්ඩ තොගයක් ළිඳක තිබී හමු වෙයි..

වව්නියාව, පුලියන්කුලම ප්‍රදේශයේ පාලු ළිඳක තිබි මෝටාර් උණ්ඩ තොගයක් සොයාගෙන ඇති බවට පුලියන්කුලම් පොලීසිය පවසයි

පවතින නියං තත්වය හේතුවෙන් ප්‍රදේශවාසියෙකු විසින් ගෙවත්තක තිබු ළිඳක් පිරිසිදු කරන අවස්ථාවේ අදාළ බෝම්බ තොගය හමු වී ඇති අතර ඒ සමබන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් අසල යුද හමුදා කඳවුරක් වෙතට දැනුම් දී ඇත.

අනතුරුව වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයකට අනුව වව්නියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා 563 බලසේනාවේ යුද හමුදා නිලධාරීන් හා පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ළිඳ තුළ තිබු අදාල මෝටාර් උණ්ඩ තොගය සොයාගෙන ඇත.

එහිදී මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩු 11 ක්, ටි 56 ගිනි අවි කොටස් දෙකක් හා බිම් බෝම්බයක් ද සොයාගෙන ඇත.

යුධ සමයේ අදාළ ප්‍රදේශය එල්. ටි. ටි.ඊ පාලන බල ප්‍රදේශයේ තිබු අතර, අවසන් සමයේ පලා ගිය එල්. ටි. ටි.ඊ සාමාජිකයින් අදාළ පුපුරණ ද්‍රව්‍ය ළිඳට දමා යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිතව ඇති බව පුලියන්කුලම් පොලීසිය වැඩිදුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10 views

One Comment to “මෝටාර් උණ්ඩ තොගයක් ළිඳක තිබී හමු වෙයි..”

  1. Podi Raja says:

    කොටි නැගිටිනවෝ ….

Main News