මෝටාර් උණ්ඩ හා අත්බෝම්බ මතුවෙයි…

September 3, 2019 at 8:02 am | lanka C news
මෝටාර් උණ්ඩ හා අත්බෝම්බ මතුවෙයි…

වවුනියාව කනගරායන්කුලම, මදුරංකුලම ප්‍රදේශයේ ඉඩමක තිබී මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 15ක් සහ අත්බෝම්බයක් සොයාගත් බව කනගරායන්කුලම පොලිසිය කියයි.

අදාල ඉඩම හිමිකරු විසින් සුද්ද පවිත්‍ර කිරීමට ගිය අවස්ථාවේදී කසල ස්ථානයක් ඉවත් කිරීමට යාමේදී බෝතල් කිහිපයක් සමග අදාල මෝටාර් උණ්ඩ දැක ඇති අතර පසුව ඒ පිළිබඳව කනරායන්කුලම් පොලීසියට දැනුම් දී ඇත.

සොයාගත් මෝටාර් උණ්ඩ හා අත්බෝම්බ යුද සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිතකරනු ලැබූ ඒවා බවටත් එම මෝටාර් උණ්ඩ සහ අත්බෝම්බය දීර්ඝ කාලයක් පොළව අභ්‍යන්තරයේ පැවතීම හේතුවෙන් දැඩි ලෙස දිරාපත්ව ඇති බවද පොලිසිය පවසයි.

හමු වූ මෝටාර් උණ්ඩ හා අත්බෝම්බය කනගරායන්කුලම් පොලීසිය විසින් රැගෙන ගොස් ඇති අතර වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාරදීමට නියමිතය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

53 views