මෝටාර් උණ්ඩ හා පතුරම් තොගයක් හමුවෙයි…

July 9, 2019 at 4:40 pm | lanka C news
මෝටාර් උණ්ඩ හා පතුරම් තොගයක් හමුවෙයි…

කිලිනොච්චිය, පරවිපාන්චාන් ප්‍රදේශයේ පාලු ළිඳක තිබි මෝටාර් උණ්ඩ හා පතුරම් තොගයක් ඊයේ (08) සවස සොයාගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

පරවිපන්ජාන් ප්‍රදේශයේ අතහැර දමා තිබු ළිඳක් එහි අයිතිකරු විසින් පිරිසිදු කරන අවස්ථාවේ අදාළ යුද උපකරන තොගය දැක ඒ බව කිලිනොච්චිය පොලීසියට දැනුම් දී ඇත.

පසුව කිලිනොච්චිය පොලීසිය විසින් අදාල ස්ථානයට ගොස් සොදිසි කිරීමේදී ළිඳ තුල තිබී ටි 56 වර්ගයේ ගිනි අවි පතුරම් තොගයක්, බරඅවි සඳහා යොදාගන්නා පතුරම් කිහිපයක් හා  මෝටාර් උණ්ඩ දෙකක් ඇතුලු යුද උපකරණ එලෙස හමුවු බව පොලීසිය සඳහන් කළේය.

සොයාගත් යුද උපකරණ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවට පරීක්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,828 Viewers

One Comment to “මෝටාර් උණ්ඩ හා පතුරම් තොගයක් හමුවෙයි…”

  1. Gone gota says:

    Ova tika thambala kapan….

Leave a Comment

Main News