මෝදි කටුනායකින් බහී.. දුත පිරිස 65ක්.. අගමැති රනිල් ගුවන් තොටේදී පිලිගනී..
May 11, 2017 at 7:01 pm | lanka C news
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණියේය.
ඔහු මෙසේ පැමිණියේ මෙරටදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුමට සහභාගිවීම පිණිසයි.
ඉන්දීය අගමැතිවරයා සමග 65 දෙනෙකුගේ දුත පිරිසක් පැමිණි අතර අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ගුවන් තොටුපලේදී මෙම පිරිස පිලිගනු ලැබින.
ඉන්දීය අගමැතිවරයා දෙදිනක් මෙරට රැදී සිටී.