මෝදි ගෝටාභයට කතා කලේ කොරෝනා පාලනයකට සුබ පතන්න නොවෙයි.. නැගෙනහිර ජැටිය විකුණන්නයි.. ලංකාවට වඩා කොරෝනා පාලනය කර ඇත්තේ ලාඔ්සයේ..

May 24, 2020 at 9:20 am | lanka C news
මෝදි ගෝටාභයට කතා කලේ කොරෝනා පාලනයකට සුබ පතන්න නොවෙයි.. නැගෙනහිර ජැටිය විකුණන්නයි.. ලංකාවට වඩා කොරෝනා පාලනය කර ඇත්තේ ලාඔ්සයේ..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතා ඇත්තේ කොරෝනා පාලනය ගැන සුභ පැතීමකට විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පෙන්වා දෙන්නේ මෙහිදී සාකච්ඡා වී ඇත්තේ කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමට බවයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර ඇත.

නමුත් ඉන්දීය අගමැතිවරයාගේ සමාජ ජාල ගිණුම්වල හෝ ඉන්දීය මාධ්‍යවල එවැන්නක් වාර්තා කර නැති අතර තම තොරතුරු මුලාශ‍්‍රය කුමක්දැයි ජවිපෙ හිටපු මන්ත‍්‍රීවරයා සදහන් කර නැත.

ඔහුගේ ප්‍රකාශයට එරෙහිව සමාජ ජාලා පරිශීලකයන් විසින් දැඩි විරෝධයක් එල්ල කරමින් ප‍්‍රතිචාර දක්වමින් ඇත.

රත්නායක මහතා මෑතකදී පැවති රූපවාහිනී සාකච්චාවකදී කියා සිටියේ අප‍්‍රිකානු කලාපයේ රටවල් හා ලාඔ්සය කොරෝනා පාලනය ලංකාවට වඩා හොදින් සිදු කර ඇති බවයි.

එම පක්‍ෂයේ සුනිල් හදුන්නෙත්ති මහතාගේ අදහස ඉන්දියාවේ කේරල ප‍්‍රාන්තය ලංකාවට වඩා හොදින් කොරෝනා පාලනය කර ඇති බවයි.

357 views
Main News