මෝදි-ගෝටාභය කළඹා ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි…

June 13, 2022 at 3:50 pm | lanka C news
මෝදි-ගෝටාභය කළඹා ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි…

එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපිය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත යොමු කර ඇත.

ඒ අනුව විදුලි බල මණ්ඩලයේ නව සභාපති ලෙස එහි උප සභාපති ලෙස කටයුතු කල නලින්ද ඉලංගකෝන් මහතා පත් කිරීමට නියමිතව ඇත.

සුලං විදුලි බලාගාරවලට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බගලෑම් කලේ යයි ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ තමනට පැවමූ බවට විදුලි බල මණ්ඩලයේ සභාපති වරයා කෝප් කමිටුව හමුවේ පැවසීය.

පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සභාපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කල අතර අනතුරුව සභාපතිවරයා කෝප් කමිටුවට ලිඛිතව දන්වා තිබුනේ තමන් එම ප්‍රකාශය තමා ඉල්ලා අස්කර ගන්නා බවත් කොන්දේසි විරහිතව සමාව ගන්නා බවත්ය.

45,139 views

21 Comments to “මෝදි-ගෝටාභය කළඹා ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි…”

  1. jghjgjg says:

    මේ නාකි හිවලා තමයි..විදූලි බල මණ්ඩලයට හිමි Lanka transformers කොටස් යූ ඩ් ජයවර්ධන ඇතුළු හොර නඩයට පිනට දෙන්න මූලික වූනේ..මූ හොදට විදූලි බල මණ්ඩලයේ මූදල් ltl එක හරහා අනිකා ප ච රණවක. පි බි ජයසූන්දර..මූන්ට දෙන්න ඔන රජ කාලේ දඩූවම්

  2. කොහොමද හොරු අල්ලන්නේ says:

    කෝප් එකේ සිංහලෙන් කතා කිරීම තහනම් කර ශ්‍රේෂ්ඨාධිකරණය තීරණ මෙන් ඉංග්‍රීසි අනිවාර්ය කරනු. නැත්නම් දූෂණ, අල්ලස් ජනතාව දෑනගෙන මහා විනාශයක් වෙන්නේ.

  3. king says:

    https://www.facebook.com/LTL-%E0%B6%B8%E0%B6%9C%E0%B6%A9%E0%B7%92-343708216972116

    LTL අසාධාරණයන්ට ලක් උන සියලු දෙනාම එකතු වෙමු. LTL හොර නාදය හිර ගෙදරට දක්කමු.

  4. SL says:

    මෙච්චර කාලයක් පාලකයෝ කොලේ වහල ගහපුවගේ රඟ පෙනෙන්නේ දැන්.
    සභාපති කීවේ ඇත්ත වෙන්න ඕනේ.

    සභාපතිට කොන්දක් තිබ්බට ලී කුවාන් ට නැහැ, ලී කුවාන් විතාරක නොවේ පකා ට, රනිල්ට හෝ කිසිම එකෙකුට නැහැ
    උන්ට කොන්ද එන්නේ සාමාන්‍ය ජනතාවට පුපේ අරින්න විතරයි

    අපි දැන් පරණ අප්‍රිකානු රටවලටත් වඩා පල්ලෙහට වැටිලා , පවු මේ රටේ මිනිස්සු !!

  5. Gamini Senanayake says:

    හොද වැඩේ. ඌට රීල, ඒක කන්නත් වුනා.
    කියපු එකේ ගෟරවයත් නැතිවුනා. Job එකත් නැති වුනා.

    • Revelation says:

      ශ්‍රී ලංකාව එංගලන්තයේ පාලනයේ ඇති ඩොමීනියන් රාජ්‍යයක් බව රුසියන් ගුවන් යානය රදවා ගැනීමේ සිද්ධියේදී එලිදරව් වූවා.
      නමුත් එංගලන්තය සහ ඇමෙරිකාව ලෝක සංදර්භයේදී බෙලහීන බලවතුන් බවද රුසියාව එම ගුවන් යානය මුදවා ගැනීමෙදී පෙනී ගියා.
      මේ එංගලන්තය තම සුනඛයන් යොදවාගෙන ඉන්දියාවේ භුමිකාව ලංකාව තුලදී කඩාකප්පල් කරන්න දරන වෑයමකි.

  6. gamarala says:

    Does this mean, the former chairperson is free from all the sins (bribery and corruption) he committed during his tenure as CEB chairperson?

  7. Jagath says:

    ඇත්ත කියන්න ගියාම ඔහොම වෙනවා ලොක්කා. දන්නවනේ රාජපක්ෂ ලා ගේ හැටි… 😄

  8. SL says:

    he should provide the proofs and let us know what exactly happened. be a professional and expose
    Fuck Gota and other idiots who sold the country but do not admit it

  9. Jagath says:

    සුදු වැන් එවයි ද? දන්නේ නෑ. පරෙස්සමින් inn

  10. මේ රට කන්න, මේක හරිම රසවත්ද says:

    අපිටත් හිතාගන්න බැරිව හිටියේ ඇයි කියලා මේ දේශීය ආයෝජකයින් ඉල්ලුවත් නොදී ඉන්දියන් ආයෝජකයින්ට පූජා කරන්න ගියේ කියලා. විදුලි බලය සභාපති ෆර්ඩිනැන්ඩෝ පමණක් නොවේ සුනිත්‍ය බලශක්තියේ සේපාල ද මේවට වග කිව යුතුයි. ඩොලර් රටට ගේන මුවාවෙන් රට විකුනන්න හදන, ජනතාව අමාරුවේ දාන පුද්ගලයින් ගැන වෙනම සොයා බැලිය යුතුයි. ගෝඨා හා සේපාල දැන් ඔයාලත් යන්න.

Main News