මෝරා සුළි කුණාටුව යන්න ගියත් නිරිත දිග මෝසම් වැස්ස දිගටම..
May 31, 2017 at 8:40 am | lanka C news
බෙංගාල බොක්කේ අඩු පීඩන තත්වය නිසා ඇතිව තිබු මෝරා සුළි කුණාටුව බංග්ලාදේශය හා ඉන්දියාව දෙසට ඇතුළු වීම නිසා මෙරටට අද දිනයේ සිට තද වැසි සහ තද සුළං අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් ඉන් අනතුරුව සාමාන්‍ය නිරිත දිග මෝසම් වැසි තත්වය ක්‍රියාත්මක වන අතර මෙරට නිරිත දිග බෑවුමට තව දුරටත් විටින් විට වැසි අද හැලෙනු ඇතැයිද දෙපාර්තමේන්තුව කියා සිටී.