මෝල් හිමියන්ගේ අතිරික්ත වී තොග රජයට පවරාගනී…
March 21, 2021 at 12:00 pm | lanka C news
අනවශ්‍ය ලෙස වී තොග රැස්කරගෙන සිටින වෙළඳුන්ගේ වී තොග සඳහා සහතික මිලක් ගෙවා රජයට පවරා ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වෙලද අමාත්‍යංශය තීරණය කර ඇත.
ආරක්ෂිත සහල් තොග රැස්කර ගැනීම සඳහා දැනටමත් දේශීය සහල් ලබා ගැනීමේ පියවර ගෙන තිබේ.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ ජනතාවට හිඟයකින් තොරව සහල් ලබාදීම සඳහා රජයේ ගබඩාවල ආරක්ෂිත තොග රැස් කිරීමට තීරණය කර ඇති බවයි.
අනවශ්‍ය ලෙස වී තොග රැස්කරගෙන සිටින අයට රජයේ සහතික මිළ ගෙවා ඒවා රජයට පවරා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.
බන්දු සමරසින්හගෙ විහිලු තාම ඇහෙනව චන්ද කාලෙ වේදිකාවෙ කියාපුව හරි ආතල් මතක්වෙද්දිත් ඒත් දෙයියනේ කවුද හිතුවෙ බන්දු ගුණවර්ධනගෙ විහිලු ඊට වඩා ආතල් කියල.මේ විහිලු වලට වැඩිපුරම හිනා යනව ඇත්තෙ ආණ්ඩුවෙම ඇමතිවරයෙක් වන සිරිපාල ගම්ලත්ටයි ඩඩ්ලි සිරිසේනටයි.
එතකොට කොච්චරක් ලඟ තියාගන්න පුලුවන්ද උපරිම ?
ඕක කෙරෙන්නෙ නැහැ,වැඩියෙන්ම වී මිලදී අරන් තියෙන්නෙ ඇමති ගම්ලත්ලු.ඒ කියන්නෙ රෙද්ද අස්සෙමයි වී තොගේ හංගල තියෙන්නෙ.රෙද්ද උස්සල බැලුවනම් අතේ පත්තු.
එන්. එම්. පෙරේරා මහතා සිටියානම් මේ වී සියල්ලම බලෙන්ම රජයට බාරගන්නේ
බම්බුව තමයි.
දුප්පත් මිනිහා කන බත්පත ට කෙලපු උන් හාල් මොල් අයිතිකාරයෝ කියන්නේ ඔකුන් අතිරික්ත වි කියලා ඌන්ගේ පරන තොග ටික රජයට දිලා ඔකෙනුත් හම්බ කරනවා 100% sure,