මෝල් හිමියන් සහල් හංගන කුමන්ත්‍රණයක්…
March 19, 2021 at 4:40 pm | lanka C news
මේ වන විට මෝල් හිමියන් විසින් සහල් හැංගීමේ කුමන්ත්‍රණයක් පවතින බවටත් කුමන බාධක පැමිණියත් අලුත් අවුරුද්දට සහල් කිලෝවක් රුපියල් 97 ක මිලකට ජනතාවට ලබ දීමට පියවර ගන්නා බවට කෘෂිකර් ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේය.
අමාත්‍ය වරයා මේ බව පවසා සිටියේ අද දින වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර් යාල යේ පැවති ග්‍රාමීය ආර් ථිකය නගාසිටුවීමේ ජාතික වැඩසටහනේ රැස්වීමක් පැවති අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ,
‘අද මේ වෙලා තියෙන්නේ කීප දෙනෙක් සිදු කරන කුමන්ත්‍රණයක්නේ මේ වෙන කොට වී මෙට්‍රික්ටොන් මිලියන 3.2 ක් නිශ්පාදනය වෙලා තියෙනවා සහල් මෙට්‍රික්ටොන් මිලියන 02 ක් ඒ කියන්නේ මාස 06 කට සහල් තියනවා සහල් හිගයක් තියෙන්න බැහැ නමුත් මේ මෝල් හිමියන් එකතු වෙලා සහල් හංගනවා ඒකයි ඇත්ත කතාව. මේ වෙන කොට වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නවා අද වෙනකොට වී මෙට්‍රික් ටොන් 40,000 කට ආසන්න ප්‍රමාණයක් මිලදී අරගෙන තියනවා අපේ බලාපොරොත්තුව ලක්ෂ 03 කට යන්න මොනව වුනත් අපි අලුත් අවුරුද්දට සහල් කිලෝවක් රුපියල් 97 ට සමූපාකාර සහ සතොස හරහා දෙනවා.
ඒ වගේම වැඩිමලිට මෝල් හිමියන් සහල් විකුණනවනම් අපිට සිදු වෙනවා පිටරටින් හරි සහල් ගෙනෙල්ලා නියමිත මිලට දෙන්න අපි ගොවියටත් රුපියල් 50 සහතික මිලක් දීලා තියනවා මෝල් හිමියන් වැඩි මිලක් දීලා වී ගත්තොත් අපිට පිටරටින් සහල් ගෙනෙල්ලා දෙන්න වෙනවා ඒකේ අවාසිය වෙන්නෙත් මෝල් හිමියටම තමයි මොකද සහල් මිල මෝල් හිමියන්ට ඕන විදිහට සහල් මිල වැඩි කරන්නත් බැහැ අපි ඒවටත් විකල්ප තීරණ ගැනීමට ඉදිරියේදී පියවර ගන්නාවා. යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඇමතිතුමෝ ඔයිටවඩා හොදයි මෙහෙම කියන්න
මොන බාධක, ජාත්‍යන්තර කුමන්ත්‍රණ ආවත් රජය සහල් රුපියල් 150/-ට වඩා සතයක්වත් වැඩි කරන්න දෙහ්න්නෙ නෑ..
ඉතකොට ඔන්න දේශප්‍රෙමි ජනතාව හුරේ දමයි
වී මෝල් ටික ආණ්ඩුවට අරන් ආණ්ඩුව වී මෝල් කාරයින්ට දුන්න නම් මේ වැඩේ හමාරයි. එතකොට වී මෝල් කාරයින්ට පුළුවන් උන්ට ඕන විදියට වී ගන්නයි උන්ට ඕන විදියට හාල් මිල උස්සන්නයි දැන් කරනව වගේම.එතකොට මහින්දානන්දට පුළුවන් වී කොටල හාල් කරන්න.වී කුඩු කලවම් කරල පුන්නක්කු බීල දැන් වගේම මයික්‍රෆෝන් සූප්පු කරන්නත් පුළුවන්.
Weligampola psddek giya uda.Rajapaksalata wada meka horakam kala. Rata kanawa
Few Rice mills owners back by politicians.so forget about dropping down price of Rice…everyday it’s go higher higher.
ඇයි ගබඩා කඩල හංගපු ඒ වී තොග රජයට පවරා නොගන්නේ කියල අපට ප්‍රශ්ණයක් තියෙනවා
හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්
ගොවියොත් දැනගන්න ඕනේ සිරිසේන කියන්නේ ඔවුන්ව හුරන් කන කෙනෙක් බව.කලින් හාල් ගත්තේ රු 35 ට දන් රජයෙන් 50 ට ගන්න නිසා මූ 55 ට ගන්නවා. අහිංසක ගොවියන්ගෙන් කොච්චර හුරං කාලද.. රජය හාල් මිලක් නියම කරනවානම් වැඩි මිලට හාල් විකුණන්න්නේ කොහොමද.?? ස ෆෙල් කියලා අපිටත් කියන්න වෙන්නේ ඕවා නිසා. එක්කෝ මෝල් කඩලා හාල් ටික පාලන මිලට දෙන්න ඕනේ. නැත්නම් පිටරටින් ගෙන්නලා හරි දෙන්න ඕනේ. ගැසට් ගැහීමත් විහිළුවක් වෙලා නේද
ඩඩ්ලි සිරිසේන ට බය ආන්ඩුව
හරි හරි ඇමටි තුමෝ. බොහොම ස්තුතියි දැනුවත් කලාට. අපි මොනවා හරි කරන්නම්කෝ. 😀 වෙන මොකුත්ම කරන්න බැරි වුනොත් අපි මෝල් වලට කඩා පැනලා හරි හාල් එළියට දාන්නම්කෝ.
අනේ හැබෑටම මුන් වගේ ඇමටියන්ට වැඩිය හොඳයි පඹයෙක් හදලා ඒ පුටුවෙන් වාඩි කරා නම්. දෙන්නගෙනම වැඩක් වෙන්නේ නැහැ තමයි. ඒත් පඹයා නිසා ඇමටියාව නඩත්තු කරන්න යන වියදම වත් ඉතිරි වෙනවා.