මෝල් හිමියෝ බලය පෙන්වති.. රතු, සුදු, නාඩු සහල් කිලෝව 200 පන්නයි.. මිල සතිපතා ඉහලට..

March 27, 2022 at 12:00 pm | lanka C news
මෝල් හිමියෝ බලය පෙන්වති.. රතු, සුදු, නාඩු සහල් කිලෝව 200 පන්නයි.. මිල සතිපතා ඉහලට..

පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයන් නැවත වරක් සතිපතා සහල් මිල ගණන් ඉහළ දැමීමට පටන්ගෙන ඇතැයි තොග වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති. මොවුන් පසුගිය දෙසතිය තුළ වාර දෙකක් පමණ සිය නිෂ්පාදනවල මිල ඉහළ දමා ඇතැයිද මෙම ව්‍යාපාරිකයෝ සඳහන් කළහ.

පොළොන්නරුවේ ප්‍රධානම සහල් ව්‍යාපාර සමාගමක් වන අරලිය සමාගම වෙළෙඳුන් වෙත නිකුත් කර ඇති මිල ගණන් ලේඛනයට අනුව පසුගිය මාර්තු 12දා රු. 180/- ට අලෙවි කළ සම්බා සහල් කිලෝව මාර්තු 22දා සිට රුපියල් 205/- දක්වා රුපියල් රු. 25/-කින් මිල වැඩි කර තිබේ.

මාර්තු 12දා රු. 175/- ට අලෙවි කළ නාඩු සහල් කිලෝව මාර්තු 22දා රු. 200/- දක්වා මිල ඉහළ දමා ඇත. එසේම මාර්තු 12දා රු. 175/- ට අලෙවි කළ සුදු කැකුළු සහල් කිලෝව මාර්තු 22දා රු. 200/- දක්වා මිල ඉහළ දමා තිබේ. මාර්තු 12දා රු. 180/- ට අලෙවි කළ රෝස කැකුළු මිල මාර්තු 22දා වනවිට රු. 205/- කි.

වී මිලදී ගැනීමේ සහතික මිල රජය විසින් ඉහළ දැමීම නිසා සහල් නිෂ්පාදන මිල ඉහළ යාමෙන් මෙලෙස සහල් මිල වැඩි කරන්නට සිදුවූ බව එම සහල් ව්‍යාපාරිකයන් සඳහන් කළ වග දේශය සමඟ මේ ගැන කරුණු දැක්වූ තොග වෙළෙන්ඳෝ සඳහන් කළහ.

– දේශය

34,435 views

3 Comments to “මෝල් හිමියෝ බලය පෙන්වති.. රතු, සුදු, නාඩු සහල් කිලෝව 200 පන්නයි.. මිල සතිපතා ඉහලට..”

  1. Kasun Perera says:

    නෙලුම් කුලුන හම්බන්තොට ගුවන්තොටුපලවල් හදන සල්ලි වලින් රජයේ හොද හාල් මෝල් ටිකක් ගැහුව නම් මෙ වගේ එක එකාට ඔලුව නමන්න ඕනෙ නෑනෙ…..නාකි මහින්ද මයිනට ඒක තෙරෙන් නෑ

  2. LalithM says:

    ගෝඨා කිව්ව නේද අස්වැන්න අඩු වුනත් ගොවීන්ගේ ආදායම දෙගුණ කර දෙනව කියල. මේ විදියට තමා ඒක කරන්නේ. ඊලඟ කන්නේ අස්වැන්න හතරෙන් පංගුව වෙලා මිල පස් ගුනයක් වෙයි.ඊට පස්සේ කන්න වී නැතිවුනාම බුරුම ඉන්දියානු කාබනික හාල් කිලෝව 400 විතර ගානේ අපේ බූරු ගොවීන්ටත් කන්න වෙයි. ලොක්කන්ට බුරුම ඉන්දීය ජරාව ඩොලර් වලින් ….. ටිකිරි මොල…

  3. John the baptice says:

    මහා මැතිවරණයට මුන් තමයි මුදල් ලබා දෙන්නේ. රජයේ කට වහලා තිබෙන්නේ මේ නිසයි.