ඹඹරු දෂ්ඨ කිරීමෙන් තුන් හැවිරිදි දැරියක් මිය යයි… මව ඇතුලු තිදෙනෙකුට බරපතලයි…

September 10, 2020 at 2:06 am | lanka C news
ඹඹරු දෂ්ඨ කිරීමෙන් තුන් හැවිරිදි දැරියක් මිය යයි… මව ඇතුලු තිදෙනෙකුට බරපතලයි…

වව්නියාව ඕමන්ත, නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදී ඹඹරුන් දෂ්ඨ කිරීමෙන් අවුරුදු 3 ක් වයසැති දැරියක් මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල තත්වයෙන් රෝහල්ගත කොට ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි.

නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේ එකම පවුලක විසූ මව, දියණිය හා දියණියගේ දරුවන් දෙදෙනා සමග වගා බිමක් වෙතට ගොස් වගා බිම එලිපෙහෙලි කිරීමේදී ගසක් කැපීමට ගත් උත්සහයකදී අසල තිබූ ඹඹර ගෝඨයක් ඇවිස්සී සිව් දෙනාටම ඹඹරුන් විසින් දෂ්ඨ කොට ඇති බවට අනාවරනය වී ඇත.

අනතුරුව ඹඹරුන් දෂ්ඨ කල පිරිස් ප්‍රදේශවාසීන් විසින් බෙරාගෙන වහාම වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව බරපතල තත්වයේ සිටි තුන් හැවිරිදි දැරිය ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇති බවට පොලීසිය පැවසීය.

මේ අතර ඹඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි මව, 36 හැවිරිදි දියණිය හා දියණියගේ දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු මිය ගිය අතර මාස තුනක් වයසැති දැරියද බරපතල තත්වයෙන් වව්නියාව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඹඹරුන් දෂ්ඨ කිරීමෙන් මිය ගොස් ඇත්තේ තුන් හැවිරිදි අරුල්රාජා කවීෂා නැමති දැරියක් වන අතර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් දැරියගේ සිරුර වව්නියාව මහරෝහලේ තැන්පත් කොට ඇති බවටද පරික්ෂණ සිදුකරන ඕමන්ත පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,775 views
Main News