යකඩ ගැහැණිය අලූ මතින් නැගිටී.. මන්ත‍්‍රීකමත් බේරාගෙන රන්ජනුත් පරදා ‘දෙරණ ස්ටාර් සිටි’ කිරුළත් ගීතා දිනාගනී..

May 21, 2017 at 12:11 am | lanka C news
යකඩ ගැහැණිය අලූ මතින් නැගිටී.. මන්ත‍්‍රීකමත් බේරාගෙන රන්ජනුත් පරදා ‘දෙරණ ස්ටාර් සිටි’ කිරුළත් ගීතා දිනාගනී..

ඊයේ රාත‍්‍රියේ පැවති ‘දෙරණ ස්ටර් සිටි’ තරගයේ ජයග‍්‍රාහී කණ්ඩායම ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් යුතු රෝයල් ෆයිටර්ස් කණ්ඩායම සමත් විය.

ඔවුන් අතින් පරාජයට පත් වූයේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකගේ නායකත්වයෙන් යුතු ‘ගෝල්ඩන් කින්ග්ස්’ කණ්ඩායමයි.

අවසන් තරගයේ ප‍්‍රථිපලය තීරණය කරනු ලැබුවේ පේ‍්‍රක්‍ෂකයින්ගේ කෙටි පණිවිඩ මත වන අතර ගීතාගේ කණ්ඩායම ඉහල මනාපයක් සටහන් කර ගනු ලැබීය.

සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය පවා අහිමි වීමේ මුවවිටට පැමිණ තිබියදී එයද ආපිට කරකවා මෙම තරගයද ජය ගැනීමට තරම් අයෝමය ශක්තියක් පෙන්වූ ප‍්‍රථිභාපූර්ණ රංගන ශිල්පිනී ගීතා සමන්මලී කුමාරසිංහට අපෙනුත් සුභ පැතුම්.

169 views
Main News