යටිපතුල්වලට ඇණ ගසන, දෙපාවලින් ගැට ගසා එල්ලා තබන, යතුරුපැදියක කකුලක් ගැටගසා ඇදගෙන යන පාතාල වධකාගාරයක් අල්ලයි..

November 1, 2019 at 1:20 pm | lanka C news
යටිපතුල්වලට ඇණ ගසන, දෙපාවලින් ගැට ගසා එල්ලා තබන, යතුරුපැදියක කකුලක් ගැටගසා ඇදගෙන යන පාතාල වධකාගාරයක් අල්ලයි..

පාතාල කල්ලි නායකයෙක් වන ‘ඕලු මරා’ නමැත්තාගේ සගයෙකු රන් චාමර නම් පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසක වධකාගාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු විසින් පවත්වාගෙන ගිය වධකාගාරයේදී පුද්ගලයන්ගේ යටිපතුල්වලට ඇණ ගැසීම, දෙපාවලින් ගැට ගසා එල්ලා තැබීම ආදිය සිදු කරන බවද පොලිසිය කියයි.

යට ඇඳුම් පිටින් දණගස්සවා තැබීම, යතුරුපැදියක කකුලක් ගැටගසා ඇදගෙන යාම ආදී ද ඔහු විසින් සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

255 views
Main News