යතුරුපදියක් ටිපර් රථයක ගැටීමෙන් එක් අයෙකු මිය යයි.. තවත් අයෙකුට බරපතලයි..

August 10, 2019 at 2:02 am | lanka C news
යතුරුපදියක් ටිපර් රථයක ගැටීමෙන් එක් අයෙකු මිය යයි.. තවත් අයෙකුට බරපතලයි..

යාපනය, කෝපායි උරුම්පිරායි මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බව යාපනය කෝපායි පොලීසිය පවසයි.

පරික්ෂණ සිදු කළ පොලිසිය පැවසුවේ යතුරුපැදි දෙකක් පළමුව ගැටී ඇති අතර, අනතුරුව අදාළ එක් යතුරුපැදියක් මාර්ගයේ පැමිණි ටිපර් රථයකද ගැටීමෙන් අනතුර සිදුව ඇති බවටයි.

අනතුරින් ටිපර් රථයේ ගැටුණු යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව තුවාලකරු ජිවිතක්ෂයට පත්ව ඇත.

එමෙන්ම යතුරුපැදිය පළමුව ගැටුනු අනෙක් යතුරුපැදිකරුද බරපතල තුවාල ලබා රෝහල ගත කොට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කෝපායි පොලීසය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,835 Viewers
Main News