යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් යතුරුපැදිකරු මිය යයි..

November 14, 2019 at 5:30 pm | lanka C news
යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් යතුරුපැදිකරු මිය යයි..

යාපනය, කන්කසන්තුරය සිට යාපනය දක්වා ගමන්ගත් යාල්දේවී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු (13) ජිවිතක්ෂයට පත්ව ඇති බවට යාපනය පොලීසිය පවසයි.

යාපනය නාවලර් මාර්ගයේ හින්දු කාන්තා විද්‍යාලය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගය හරහා යතුරුපැදියක් ධාවනය කිරීමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිය දුම්රියේ ගැටී විසි වි ගොස් ඇති අතර, වයස අවුරුදු 31 ක් වු එම්.නිශාන්තන් නැමති යතුරු පැදිකරු අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇත.

මිය ගිය තරුණයා දුම්රිය පැමිණීම සම්බන්ධයෙන් අවධානය යොමු නොකොට දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ කිරීමේදී මෙම අනතුරට මුහුණ දි ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,175 Viewers
Main News