යතුරුපැදියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් දෙදෙනෙක් මියයයි..
February 1, 2021 at 2:04 am | lanka C news
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් සහ ටිපර් රථයක් (31) දින මුහුණට මුහුණලා ගැටිමෙන් යතුරුපැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනෙක් එම ස්ථානයේම ජිවිතක්ෂයට පත් වි ඇති බව පුඩළුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජන බණ්ඩාර මහතා පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ පුඩළුඔය තවලන්තැන්න ප්‍රධාන මාර්ගයේ කොත්මලේ නියංගම්දොර ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාව අසලදිය.
අනතුරෙන් මියගොස් ඇත්තේ කරගස්තලාව කටුකිතුල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි එල්.එන්.කේ.ජි.දිනේෂ් සහ කලපිටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි විමුක්ති සදරුවන් නැමති තරුණයන් දෙදෙනයි.
අධික වේගයෙන් ධාවනය වි ඇති යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව ඉදිරියට ධාවනය වෙමින් තිබු ටිපර් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවත්, යතුරුපැදිය ටිපර් රථයේ ඉදිරිපස ගැටි යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා අඩි කිහිපයක් ඉදිරියට විසි වි ප්‍රධාන මාර්ගයේම වැටි බරපතල ලෙස තුවාල ලබා එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන පුඩළුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
ටිපර් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවත්, මිය ගිය තරුණයන් දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවද ස්ථානාධිපතිවරයා කියා සිටිහ.
– හැටන් රංජිත් රාජපක්ෂ
අනතුරු වලට මුල ධනපතියන් වැඩි වීම.
අපි 88/89 කාලෙ කාර්, වෑන්, ටිපර් අයිති ධනපතියන් මරා, ඔවුන්ගේ වාහන විනාශ කරා. දැන් ධනපතියන් වැඩි වෙලා. ආයෙත් කැරැල්ලක් ගසා, ධනපතියන් විනාශ කරන්න කාලෙ හරි වගේ.
Oya kollo dennata pakanil ekak denna kenek laga-patha hitiyenathda? Ane manda lankawa kawada hadeida kiyala appa. Arehe vipasksa nayaka pakanil debba kiyana. mekala sathekata ganan nogena pani beela elawanawa. ithin matenawa. kiyala wadak naha appa.
ඔහොමනම් පාරෙ ගියෙ, අවසන් ගමනත් ඒ විදියටම යා යුතුයි. ඔහොම අයට බොරුවට සුගතියක් පතන්න නම් මට බැහැ