යතුරුපැදියකින් ගමන්ගත් කාන්තාවක් වැටී මිය යයි…

September 8, 2020 at 4:40 pm | lanka C news
යතුරුපැදියකින් ගමන්ගත් කාන්තාවක් වැටී මිය යයි…

යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන්ගත් කාන්තාවක් හදීසියේම ඇදවැටී රෝහල්ගත කිරීමෙන් පසුව අද (08) දින මිය ගොස් ඇති බවට තෙලිප්පලෙයි පොලීසිය පවසයි.

අදාල කාන්තාව තෙලිප්පලෙයි ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදියේ තිරිංග ක්‍රියාත්මක වී එකවරම වැටී ඇති අතර කානත්ව වැටෙන අවස්ථාවේදී හිස්ආවරනයද විසිවී හිස මාර්ගයේ වැදීමෙන් හිසට බරපතල තුවාල සිදුවීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඊයේ (07) සවස ඇතුලත් කිරීමෙන් පසුව ඇය අද දින මිය ගොස් ඇති බවට පොලීසියට තොරතුරු අනාවරනය වී ඇත.

යතුරුපැදි අනතුරින් මෙසේ මිය ගොස් ඇත්තේ යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචි දරුවන් තිදෙනෙකුගේ මවක් වන 38 හැවිරිදි ප්‍රදීපන් සතීනා නැමති කාන්තාවක් බවට පරික්ෂණ සිදු කරන තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

35,165 views

3 Comments to “යතුරුපැදියකින් ගමන්ගත් කාන්තාවක් වැටී මිය යයි…”

  1. tutu says:

    බයික් එක ඉන්දියන් ජරාවක් වෙන්න ඇති

  2. Jj says:

    ඔය ඉන්දියන් ජරා ස්කූටි ගෙන්නන එක තහනම් කරන්න ඕන. ඕවයෙ බ්රේක් නෑ. බර අඩු කරලා හදල තියෙන්නේ. මරන වරෙන්තුවක් අරන් පාරෙ යනවා වගේ තමයි.

  3. Lihini says:

    Ban the indian motorcycles. Those are without any build quality or standard.

Main News