යතුරුපැදියෙන් පැමිණ මාල කැඩූ කල්ලියට ප්‍රදේශවාසින්න් මතක හිටින පාඩමක්…

December 22, 2019 at 8:02 am | lanka C news
යතුරුපැදියෙන් පැමිණ මාල කැඩූ  කල්ලියට ප්‍රදේශවාසින්න් මතක හිටින පාඩමක්…

වව්නියාව පාලමොට්ටයි ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්ගත් කාන්තාවකගේ මාලයක් කැඩීමට පැමිණි කොල්ලකරුවන් පිරිසක් ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාරදුන් බවට ඕමන්ත පොලීසිය පවසයි.

පාලමොට්ටෙයි වලයාන්කට්ටු පරසන්කුලම් ප්‍රදේශයේ කාන්තාවක් මාර්ගයේ ගමන්කරමින් සිටින අතර තුරදී යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් තිදෙනෙකු විසින් කාන්තාවගේ රන්මාලය කැඩීමට උත්සහ දරා ඇති අතර එහිදී කාන්තාව කැගැසීමත් සමග අසල්වාසීන් විසින් කොල්ලකරුවන් පසුපස ලුහුබැඳ ගොස් ඉන් කොල්ලකරුවන් දෙදෙනෙකු අල්ලාගෙන ඇති අතර අනෙක් කොල්ල කරු පලා ගොස් ඇත.

අනතුරුව කොල්ලකරුවන් පිළිබඳව ඕමන්ත පොලීසියට දැනුම් දීමෙන් පසුව ඕමන්ත පොලීසිය අදාල ස්ථානයට පැමිණ කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පලා ගිය අනෙක් කොල්ලකරුද අත්අඩංගුවට ගැනීඹට පරික්ෂණ අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

69 views

One Comment to “යතුරුපැදියෙන් පැමිණ මාල කැඩූ කල්ලියට ප්‍රදේශවාසින්න් මතක හිටින පාඩමක්…”

  1. sunimal says:

    යාල දුම්රියේ වතු දෙමළ කණ්ඩායමක් දුම්රියේ යන ගැහැණුන්ගේ මාල කඩාගන්න බව හෙළිවී තිබේ මෙය සිදුවන්නේ බින්ගේ ඇතුලින් යනවිට දුම්රියේ විදිලු පහන් නිවන විට ය රජයෙන් මේ පිළිබද වහාම සොයා බැලිය යුතුය මෙම කණ්ඩායම කොටුකර ගත යුතුය

Main News