යතුරුපැදියේ ගමන්කරමින් සිටි මව හා දියණිය යටකරගෙන මොටර් රථයක් යයි..

July 3, 2020 at 2:02 am | lanka C news
යතුරුපැදියේ ගමන්කරමින් සිටි මව හා දියණිය යටකරගෙන මොටර් රථයක් යයි..

යාපනය නල්ලූර් මාර්ගයේදී යතුරුපැදියකින් ගමන්ගත් මව හා දියණියක් අනතුරට ලක් කරමින් කාර් රථයක් විදුලි කණුවක ගැටී ඇති බවට යාපනය පොලීසිය පවසයි.

නල්ලූර් මාර්ගයේ කිට්ටු මන්සන්ධීයේදී මෙම අනතුර සිදුව ඇති අතර කාර් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකි වීම අනතුරට හේතුව වශයෙන් අනාවරනය වී ඇත.

යතුරුපැදියෙන් ගමන් ගත් මව හා දියණිය කාර්රථයේ ගැටීමෙන් විසිවී වැටී බරපතල තුවාල ලැබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර කාර් රථය විදුලි කනුවක ගැටීමෙන් විදුලි කනුවට හා කාර් රථයටද හානි සිදුව ඇත.

අනතුරුව කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන වැඩි දුර පරික්ෂණ සිදු කරන බවටද යාපනය පොලීසිය පැවසීය

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views
Main News