යතුරුපැදියේ වේගය පාලනය කිරීමට නොහැකිව මුහුදට පෙරලී තරුණයෙකු මිය යයි….
February 21, 2021 at 5:30 pm | lanka C news
යාපනය පේදුරුතුඩුව මුහුදු ප්රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.
යාපනය නගරයේ සිට පේදුරුතුඩුව දෙසට (20) රාත්රියේ මෙම තරුණයා යතුරුපැදියෙන් ගමන් කොට ඇති අතර එහිදී අදාල තරුණයා විසින් අධික වේගයකින් යතුරුපැදිය ධාවනය කිරීමේදී එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව යතුරුපැදිය මාර් ගයෙන් ඉවතට පැන මුහුදු වෙරල දෙසට පෙරලී ගොස් ඇත.
එහිදී ගල් සහිත් මුහුදු වෙරලට පෙරලී යාමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවට පොලීසිය පැවසීය.
අනතුරින් මිය ගොස් ඇත්තේ පේදුරුතුඩුව කර් කොවිලම් ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි පවකරන් නැමති තරුණයෙකු වන අතර පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Howcome SL Police determine he was dead? the motorcyclist may have been unconscious they would have given a try to save him standing without pointing his backside?