යතුරුපැදිය ලොරියක ගැටේ.. දෙදෙනෙක් එතැනම මරුට..
June 9, 2018 at 5:30 pm | lanka C news
නාඋල-ලග්ගල මාර්ගයේ මොරගහකන්ද අලුත් පාලම ප්රදේශයේදී යතුරුපැදියක් ටිපර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින යතුරුපැදියේ ගමන් කල තරුණයින් දෙදෙනකු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබේ. මිය ගිය තරුණයින් දෙදනා රිවස්ටන් නැරබිමට ගොස් ආපසු පැමිනෙමින් සිටියදි මෙම අණතුරට ලක්ව ඇත.
මියගිය තරුණයින් දෙදනා මාතලේ මහවෙල රතලවැව ප්රදේශයේ පදිංචිකරුවන්වන 19 හැවිරිදි ප්රසන්න බුද්ධික සුමනසිරි ලෙසත් අනෙක් තරුණයා ප්රදීප් කුමාර (19) ලෙසත් පොලිසිය හදුනාගෙන් ඇත.
මළසිරුරු දෙක දඹුල්ල විර ඩෙන්සිල් කොබෑකඩුව මුලික රෝහල් මුතෘත ශරීරාගාරයේ තබා ඇත. ටිපර් රථයේ රියදුරු නාවුල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන් ඇත.
නාඋල පොලිසිය පෙරික්ෂණ සිදුකරයි.
– මහින්ද උදයසිරි රත්නායක