යතුරුපැදි කල්ලියකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් නිවසකට හානි…

April 9, 2018 at 8:02 am | lanka C news
යතුරුපැදි කල්ලියකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් නිවසකට හානි…

යාපනය චුන්නාකම් ඉනුවිල් බටහිර ප්‍රදේශයේ කාර්මික සිල්පියෙකුගේ නිවසකට (07)රාත්‍රිෙය් කිසියම් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට පලා ගොස් ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.

අදාල කාර්මික ශිල්පියා නිවසේ සිටින අවස්ථාවේදී පස්දෙනෙකුගෙන් යුත් යතුරුපැදි කල්ලියක් විසින් මෙම පෙට්‍රල් බොම්බ ප්‍රහාරය එල්ල කොට නිවසට හානි කොට පලා ගොස් ඇති බවට හෙලි වී ඇත.

බෝම්බ ප්‍රහාරය එල්ල වීමෙන් ඉනුවිල් ඉටහිර පදිංචි විජයරංජන් නැමති කාර්මික ශිල්පියාගේ නිවසේ ජනේලවලට හානි සිදු වී ඇති අතරම බෝම්බ ප්‍රහාරය එල්ල කල අය කව්රුන්ද යන්න මෙතෙක් හෙලි වී නොමැති අතරම ආවා කල්ලියට අයත් පිරිසක් බවට සැක කරන බවට පරික්ෂණ සිදු කරන චුන්නාකම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10 views
Main News