යතුරුපැදි ගෙන ගිය ලොරියක් A-9 මාර්ගයේදී පෙරලෙයි

October 9, 2018 at 2:03 am | lanka C news
යතුරුපැදි ගෙන ගිය ලොරියක් A-9 මාර්ගයේදී පෙරලෙයි

කොළඹ සිට යාපනය දක්වා යතුරුපැදි රැගෙන ගිය ලොරි රථයක් යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ මාන්කුලම පනික්කන්කුලම් ප්‍රදේශයේදී පෙරලී යාමෙන් අනතුරක් සිදුව ඇති බවට මාන්කුලම් පොලීසිය කියා සිටියේය.

ඒ-9 මාරග්යේ මාන්කුලම් පණික්කන්කුලම් ප්‍රදේශයේදී යතුරු පැදි ප්‍රවාහනය කරන ලද ලොරි රථයේ රියදුරට නින්ද යාමෙන් ලොරි රථය පාලනයෙන් මිදී පෙරලී ගොස් ඇති බවට මාන්කුලම් පොලීසිය විසින් සිදු කරන ලද මූලික පරික්ෂණ වලදී හෙලි වී ඇත.

ලොරි රථය පෙරලීමෙන් එහි රියදුරුටද සුලු තුවාල ලබා ඇති අතරම ලොරි රථය පෙරලීම හේතුවෙන් ලොරියට මෙන්ම එහි ගාල් කොට තිබූ යතුරු පැදි කිහිපයකට හානි සිදුව ඇති බවටද පරික්ෂණ සිදු කරන මාන්කුලම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,086 Viewers
Main News