යතුරුපැදි දෙකක් සොරාගෙන පිම්මේ යද්දි එකක් ලොරියක ගැටී අයෙකු මරුට… දෙදෙනෙක් අත්අඩංගුවට…
January 25, 2022 at 6:20 pm | lanka C news
යාපනය චුන්නාකම් පොලිස් වසමේ යතුරුපැදියක් අධික වේගයකින් ධාවනය කිරීම හේතුවෙන් ටිපර් රථයක මුහුණට මුහුණ ගැටී යතුරුපැදිකරු එම් ස්ථානයේදීම ඊයේ (24) රාත්‍රියේ මිය ගොස් ඇති බවට පොලීසිය පැවසීය.
චුන්නාකම් මංසන්දියේ පිහිටි මත්පැන් විකුනුම් ස්ථානයක් අසල නවතා තිබූ යතුරුපැදි දෙකක් පුද්ගලයින් තිදෙනෙකු විසින් සොරාගෙන පලා යාමෙන් අනතුරුව සොරාගත් යතුරුපැදි වල හිමිකරුවන් විසින් සොර කල්ලිය පසුපස හඹා ගොස් ඇත.
එහිදී සොර කල්ලිය විසින් සොරාගත් යතුරුපැදි අධික වේගයකින් ධාවනය කොට පලායන අතරතුරදී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක එක් යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.
අනතුරුව ප්‍රදේශවාසීන් විසින් සොරාගත් අනෙක් යතුරුපැදියේ දෙදෙනාද අල්ලාගෙන ඇති අතර චුන්නාකම් පොලීසිය විසින් ඔවුන් දෙදෙනාද අත්අඩංගුව ගනු ලැබීය.
ටිපර් රථයේ ගැටීමෙන් මිය ගොස් ඇත්තේ චු්නනාකම් ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි රාසා රවිචන්ද්‍රන් නැමති අයෙකු වන අතර සෙසු සැකකරුවන් තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචි කරුවන් වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන චුන්නාකම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ