යතුරුපැදි නොලැබුණු බව පවසමින් ක්ෂේත්‍ර නිළධාරීන් සංවර්ධන කමිටු රැස්වීම් මගහරිනවා..

October 5, 2016 at 2:02 am | lanka C news
යතුරුපැදි නොලැබුණු බව පවසමින් ක්ෂේත්‍ර නිළධාරීන් සංවර්ධන කමිටු රැස්වීම් මගහරිනවා..

අම්පාර දිසාපති කාර්යාලයේ ඒ. අයි. වික්‍රම ශාලාවේ දී අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්විණි.

මෙහිදී පසුගිය සභාවාර වලදී ගනු ලැබූ තීරණ හා එළඹි එකගතාවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් පසු සාකච්ඡාව ආරම්භ විය.

මෙහිදී අදහස් දැක්වූ නැගෙනහිර වන ජීවි සහකාර අධ්‍යක්ෂක ඩබ්. වීරසිංහ මහතා කියා සිටියේ “අම්පාර අභයභූමිය 1954 දී අක්කර 12,000 ක් ඇතුළත් කර ගැසට් නිවේනදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබු අතර මේ වන විට අක්කර 8000 ක භුමි ප්‍ර දේශයක ජනතාව පදිංචි වී සිටිනවා. අක්කර භාගයක බලපත්‍රයක් ලබා ගෙන ඉඩම් අක්කර තුන හතරක් බලහත් කාරයෙන් අල්ලා ගෙන ඉන්නවා. එම බලපත්‍රය ලබා දුන්නේ කෙසේදැයි සොයැ බැලිය යුතු“ බවයි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ශව කිහිපයක් අම්පාර වනජීවී කලාප සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

අමාත්‍ය දයා ගමගේ මහතා

අම්පාර නගරයත් වන ජීවි කලාපයට අයිති වනවා. වන ජීවි ප්‍රදේශයේ ඇතුළත් ගැසට් නිවේදනය සංශෝදනය කර ගැනීමට තවම නොහැකි වුණා.

දිසාපති තුසිත පී. වනිගසිංහ මහතා

ඒ සම්බන්දයෙන් පත් කරනු ලැබු කමිටුව මගින් තීරණයක් ගත යුතුයි.

අමාත්‍ය දයා ගමගේ මහතා

වන ජීවි කලාපයේ පදිංචිව සිටින බවට චෝදනා කරමින් පුද්ගලයන් කිහිප දෙනකුට නඩු දමා තිබෙනවා. නීතියක් තිබෙනවානම් දුප්පත් පොහොසත් හැම දෙනාටම එක සමානව කටයුතු කළ යුතුයි.

පළාත් සභා මන්ත්‍රි ඩබ්. ඩී. වීරසිංහ මහතා

2006 දී විශ්‍රාම ගිය ග්‍රාම නිලධාරි වරයකුට 2012 දී වන ජීවි කලාපය තුළ ඉඩම් බලපත්‍රයක් ලබා දී තිබෙනවා. ආබාධිත රණවිරුවකුට දරු පවුල සමග ඉවත් කිරීමට නඩු පවරා තිබෙනවා.

පා.ම. විමලවීර දිසානායක මහතා

වන ජීවි දෙපාර්තමේන්තුව අභයභූමයේ පදිංචි වී සිටි බව කියමින් මිනිස්සු දෙදනකු අල්ලාගෙන නඩු පවරා තිබෙනවා. නමුත් සල්ලිකාර සමාගමි වලට නඩු පවරන්නේ නැහැ.

අම්පාර හින්දු කොවිල ඉදිරිපිට සයනාගාර ප්‍රදේශයේ පදිංචි අනවසර පදිංචි කරුවන් හය දෙනෙක් ඉවත් කිරීම සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලයක් ස්ථාපිත කිරීම සදහා වෙන් කර ඇති ඉඩම් කොටස ද නිදහස් කර එම ඉඩම් අම්පාර අධිකරණ සංකීර්ණ කලාපය වශයෙන් වෙන් කළ යුතු යැයි අමාත්‍ය දයා ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්ම මහත්මීන් විසින් ඉදිරිපත් කරනු ලැබු යොජනාව සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා කියා සිටියේ මෙම පදිංචිකරුවන් මෙන්ම බස්නැවතුම්පොල පිටුපස සිටින අනවසර පදිංචිකරුවන් ද ඉවත් කරමින් අපේක්ෂිත නව නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස ලබා දීමට සාකච්ඡා කරමින් සිටින බවයි.

තවද, රජයේ නිළධාරීන් වෙත යතුරුපැදි ලබා දීමේ වැඩසටහන සම්බන්ධයෙන් මෙහිදී පාර්ශව කිහිපයක් කමිටුවේ අවධානයට යොමු කළේය.

නි. අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය

මහඔය හා උහන ප්‍රදේශිය සම්බන්ධී කරන කමිටු රුස්වීම් වර්ජනය කළා.

අමාත්‍ය දයාගමගේ මහතා

පසුගිය මහ මැතිවරණයට කලින් ගෙන්වා තිබුන යතුරුපැදි රුපියල් 50,000 ට අලෙවි කළා. ඒ සල්ලි කොහේ ගියාද දන්නේ නැහැ.

පා.ම. එම්. අයි. එම්. මන්සුර් මහතා
ක්ෂේත්‍ර නිලධාරින් සියලු දෙනාටම යතුරැ පැදි ලබා දිය යුතුයි.

නැගෙනහිර පළාත් සභා සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති මහතා

යතුරැ පැදි ලබා දිමේ දී අම්පාර දිස්ත්‍රික්කයේ කේෂේත්‍ර නිලධාරින්ට සිදු වී ඇති අසාධාරණය වලක්වා යතුරු පැදි නොලැබුන සියලු දෙනාට ඒවා ලබා දිය යුතු යැයි රජයෙන් ඉල්ලා සිටිය යුතුයි.

අමාත්‍ය දයා ගමගේ මහතා

ක්ෂේත්‍ර නිලධාරින්ට යතුරැ පැදි ලබා දීමේ යෝජනාව මීළග අය වැය ලේකණය මගින් ලබා දිමට කටයුතු කළ යුතුයි කියලා අවධානය යොමු කළ යුතුයි.

මේ අතර, මහවැලි සී කලාපයේ පානීය ජල ගැටලුව උග්‍ර වී ඇති බව ද ප්‍රජා ජල මුලස්ථ වලට ජලය නොලැබීමේ තත්ත්වයක් උදා වී ඇති බව ද එමනිසා මෙම ප්‍රදේශ වලට පානීය ජලය බෙදා හරිමක් සිදු විය යුතු යැයි ද මෙහිදී කමිටුවේ අවධානය ලක් විය. ඒ අනුව, මෙම ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශයතාවයන් සපුරාලිම සදහා කටයුතු කරන ලෙස දෙහිඅත්ත කණ්ඩිය ප්‍ර දේශිය ලේකම්වරියට සහ ජාතික ජල සම්පානද හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරින්ට මෙහිදී අමාත්‍ය දයා ගමගේ මහතා උපදෙස් දෙනු ලැබීය.

මෙහිදී, අමාත්‍ය දයා ගමගේ මහතා විසින් අම්පාර දිසත්‍රික්කයේ වැව් රැසක් පස් වලින් පිරී යාම හේතුවෙන් විවිධ ගැටලු නිර්මාණය වී ඇතැයි සංවර්ධන කමිටුවේ අවධානයට ලක් කළේය. එහිදී අදහස් දැක්වූ අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ ජලය ගලා යෑමට බාධා ඇති වන නිසා ගල්ඹය පාලම යට ගොඩ ගැසී ඇති වැලි ඉවත් කිරීමේ අවශ්‍යතාවක් ද පවතින බවයි.

සම සභාපතිවරුන් වන ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ, දිගාමඩුල්ල දිස්ත්‍රික් පා.ම. එස්. අයි. මන්සුර්, නැගෙනහිර පළාත් සභා මන්ත්‍රි එම්. එස්. උදුමා ලෙබ්බේ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් රුස්වීම පැවැත්විණ.

– භාරත තෙන්නකෝන්

0 views