යතුරුපැදි සයිලන්සර් ඇල්ලීමට නියෝග දුන්නෙ කවුද?

July 15, 2017 at 5:30 pm | lanka C news
යතුරුපැදි සයිලන්සර් ඇල්ලීමට නියෝග දුන්නෙ කවුද?

යතුරුපැදි සයිලන්සර් ඇල්ලීමට නියෝග දුන්නෙ කවුදැයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයාගෙන් විමසයි.

සංගමයේ ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට යැවූ ලිපිය මෙහි දැක්වෙයි.

යතුරුපැදි සයිලන්සර් ඇල්ලීමට නියෝග දුන්නෙ කවුද?

පසුගිය මාස කීහිපයේදී කිසිදු දැනුවත් කිරීමකින් තොරව ශබ්දය නිකුත්වන සයිලන්සර් සවිකර ඇති වාහන වීශාල ප්‍රමාණයක් මාර්ගවල තිබියදී යතුරුපැදිවලට පමණක් ඉතා අමානුෂික ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම අප සංගමයට දැඩි ලෙස නිරීක්ෂණය වී තිබෙන අතර ඒ තුලින් පැහැදිලි ජපන් යතුරුපැදි මර්දනයක් සිදුවෙමින් පවතී. තවද යතුරුපැදිකරුවා ලබාදුන් ජනවරම හා යහපාලන රජය එපා කරවිමේ දේශපාලන උවමනාවක් ද මින් සිදුවන බව ඉතා පැහැදිලිය. උදාහරණයක් ලෙස, ලංකාවේ සියලුම තරුණ තරුණියන්ගේ හා මැදිවියේ අයගේ ජංගම දුරකථන හා පරිඝණක රජයේ රසපරීක්ශක ලවා අසභ්‍ය චිත්‍රපට හා ඡායාරූප බලා තිබේද පරීක්ෂා කර නීතිය ක්‍රියාත්මක කීමට යෑමෙන් සමස්ත ජනතාවගෙන් කීදෙනෙකුට දඩුවම් ලැබීමට සිදුවේද?

මෑතකදී සිට ඇතිවු මෙම තත්වයට මුල්වූ යතුරුපැදිවලට පමණක් ශබ්දය නිකුත්වන සයිලන්සර් ඇල්ලීමට නියෝග ලබාදුන් නිලධාරින්ගේ, කමිටුවේ හෝ මණ්ඩලයේ සිටි අයගේ නම් හා තනතුරු මේ ලිපියෙන් දින 14 ඇතුලත අප වෙත ලිඛිතව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු.

මේ ලිපියෙන් දින 14 ඇතුලත ඉහත ඉල්ලීමට පිලිතුරක් නොලැබෙන්නේ නම් සමස්ත පොලිසිය මෙයට වගකිව යුතුයි යැයි සලකා ඉදිරියේ දී මෙම කුමන්ත්‍රණයට පිලිතුරු ලෙස පළමු වශයෙන් සමස්ත යතුරුපැදිකරුවා සමග එම නිලධාරින්ට හා ඔවුන්ගේ පවුල්වල අයට ශාප ඉල්ලා ආගමික ක්‍රියාකාරකම් කිරීමට නියමිතය. මේ නිසා ඉදිරියේදී නිලධාරින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් අකුණු සන්නායක සොයා යෑමට හෝ ඒවා හිසමත සවිකර ගැනීමට ඉඩකඩ ඇත.

මෙයට,
චිරන්ත අමරසිංහ,
ලේකම් – සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

38 views

8 Comments to “යතුරුපැදි සයිලන්සර් ඇල්ලීමට නියෝග දුන්නෙ කවුද?”

  1. Police Junta says:

    Poluce state in full action on road to collect the YAMAPALANA fines

  2. Kabba says:

    පුදුම උගත්කමක් තියෙන්නෙ මේ ෆුට්සයිකල් කාරයින්ට.වැඩ වර්ජනයක් කොරපිය

    • Gonkabba says:

      Fitz bicycle nemei go thadoyo. Mirror bicycle. The are right and we have to Support them. Jayawewa

  3. Sihala Yaka - සිහල යකා says:

    අපි නම් දැකල වත් අහල වත් නෑ ශබ්ධ නගන සයිලන්සර් ජාතියක්. සයිලන්සර් තියෙන්නෙ එන්ජිමේ පිස්ටන් පුපුරන සද්දෙ අඩු කරන්න​.

    සමහර නූගත් මෝටර් සයිකල් පිස්සෝ සයිලන්සර් කපල එන් ජිමේ සද්දෙ එලියට පිටකරනව පාර දෙවනත් චෙන්න​.
    උන්ව අල්ලල විතරක් නෙවි කණට ගහල කූඩුවට දාන්න ඕන​.
    වෙනත් වාහන වලත් ඕන තරම් මෙසේ කරල තියෙනව කීම බොරුවක්. ඉතා කලාතුරකින් ඇති රේස් පදින්න මොඩිෆයි කල​ කාර් වල​.

    නමුත් මහජනතව අපහසුවට පත් කරමින් මහ රෑ පවා හෙන ගහන සද්දෙ දාගෙන යන්නෙ මෝඩ මෝටර් සයිකල් බූරුවො.

  4. john the baptice says:

    මඩකලපුවේ මරක්කලයන් යන්නේ හෙල්මට් නැතුව පොලිසිය නිදි අල්ලාහු අක්බර්

    • යම රජ්ජුරුවෝ says:

      ඉතින් හොඳයි නේ. මොළේ චප්ප වෙල මැරිල යයි.

  5. Dona says:

    Whole world let mother bikes to have some sort of noice as its help riders safety here Sri Lanka doing other way bullshit government….

  6. herman says:

    mokkada yako thopiwa allanaekey waredda? nugegoda apita kana ahila inna baa mungey pada mobike saddey nisa – mirihana police meeta wada unananduwen mey padayan allana oney

Main News