යතුරු පැදිය බේරන්න ගිය බස් රථය කැලේ යයි… සිව් දෙනෙකුට තුවාල…

October 29, 2018 at 2:07 am | lanka C news
යතුරු පැදිය බේරන්න ගිය බස් රථය කැලේ යයි… සිව් දෙනෙකුට තුවාල…

කොළඹ සිට යාපනය දක්වා ගමන් ගත පෞද්ගලක බස්රථයක් යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය මුරගණ්ඩි ප්‍රදේශයේදී අනතරුට ලක්වීමෙන් මගීහු සිව් දෙනෙකු තාවල ලැබූ බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.

ඒ-9 මාර්ගයේදී මුරුගණ්ඩි ප්‍රදේශයේදී ඉදිරියෙන් යතුරුපැදියක් අනාරක්ෂිතව මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී පෞද්ගලික බස් රථයේ රියදුරු යතුරුපැදි කරු බේරීමට බස් රථය වෙනතකට යොමු කල බස් රථයේ වේගය පාලනය කිරීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක වැදී ඇත.

අනතුර හේතුවෙන් බස් රථයේ ගමන්ගත් මගීහු සිව් දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර අදාල යතුරු පැදිකරු සොයා පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

33 views
Main News