යතුරු පැදි මෙරට හදයි..

November 26, 2020 at 2:12 am | lanka C news
යතුරු පැදි මෙරට හදයි..

දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස යතුරුපැදි එකළස්කරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

2019 වසරේ යතුරුපැදි ආනයනය සදහා ශ්‍රී ලංකාව රුපියල් බිලියන 42ක් වැයකර ඇති අතර අමතර කොටස් සදහාත් විශාල වියදම් දරා තිබේ. යතුරුපැදි දේශියව එකලස් කිරීම සහ අවශ්‍ය උපාංග නිෂ්පාදනය දේශීය වශයෙන් සිදුකිරීම තුළින් එම ආනයන වියදම ඉතිරි කරගත හැකි බවත් ඒ සදහා තමන්ට හැකියාව ඇති බවත් යතුරුපැදි එකළස් කරන්නන් සහ උපාංග නිෂ්පාදකයින් අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි. ඒ සදහා ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

උපාංග ආනයනය කිරීමට මාස 06ක කාලයකට අවසර ලබාදෙන ලෙස එකළස් කරන්නන් යෝජනා කලද යතුරුපැදි එකළස් කිරීම සහ උපාංග මෙරට තුලදී නිෂ්පාදනය කිරීම රජයේ ප්‍රතිපත්තිය සහ දිරිමත් කිරීම බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි. ඔවුන්ට අවශ්‍ය සියලු සහය ලබාදීමට මෙම සාකච්ජාවේදී අමාත්‍යවරයා පොරොන්දු විය.

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, මුදල් අමාත්‍යංශයේ නිලධාරිහු, ආනයන අපනයන පාලන අංශයේ නිලධාරින්, යතුරුපැදි එකළස්කරුන්, යතුරු පැදි උපාංග නිෂ්පාදකයින් ඇතුළු පිරිසක් සහභාගී වූ හ.

– media unit

72,448 views

12 Comments to “යතුරු පැදි මෙරට හදයි..”

  1. Piyal says:

    ජපානයෙන් ඉසුසු එන්ජිම් විතරක් ආනයනයකර ලංකාවේදිම low floor බස් රථ යුරෝපිය ප්‍රමිතියට නිශ්පාදනය කරන්න.

  2. සමන් says:

    හොද අදහසක් ඒත් ඕක කෙරෙනකන් මිනිස්සුන්ට අවශ්‍ය කරන උපාංග පරන විදියටම ලබාගන්න ඉඩ දෙනඑක හොදා. බහුතරයක් පාරිභොගිකයන් ඔරිජිනල් උපාංග වලට කැමති නිසා, ඒ උපාංගත් වෙළදපොලේ තිබිය යුතුයි කියන එකයි මගේ මතය.

  3. රටවැසි says:

    තවත් පොක්ස් වාගං එකක් නමෙයි නේද .

  4. Saman says:

    ජනාධිපති vath mechchara vada කරන්නේ නැ

  5. King Bull says:

    ඒ වගේම, රට තුල ඇති පරණ වාහන අළුත්වැඩියා කරල පාවිච්චි කරන්න නීති පහසුකම් හදන්න.

  6. මෝටර් බයිසිකල් ආනයන කරුවන් says:

    එහෙම කොහොමද ? අපි මේ ආණ්ඩුව ගෙන්න කොච්චර වියදම් කලාද ? අපි අපේ බිස්නස් කරන්නේ කොහොමද ? අපිට පොරොන්දු උනා බයිසිකල් ගෙන්න පර්මිට් දෙනවා කියල.

  7. Bike says:

    Already many companies do bike assembling more than years , Bajaj,TVS,Ranathunga Motors,Mahindra,Demark. we have to manufacture here

  8. wijebahu says:

    Has he already manufactured ICU Beds, and many he promised. just farts no shit.

  9. winston says:

    සූර්‍ය බලයෙන් ක්‍රියාත්මක වන චාජ් පොඉන්ට් සමග විදුලි යතුරු පැදි නිපදවමු…. වැඩට ගියා, කාර්‍යාලයයේ පාර්කිං චාජ් එකට දැම්මා, හවස් වෙනකොට ෆුල් චාජ්. කාර් වගේ නෙමේ බයික් වලට පොඩි බැටරියකින් වැඩි දුරක් යාහැකී.

  10. Helaya says:

    davidla, staffoadla, tvsla kopamana viyadam kalada ? obawnuwn.

Main News