‘යදමින් බැඳි අක්ෂර’ විමල් වීරවංශ වැලිකඩ හිරේදී ලියූ කෘතිය ජනගත කෙරේ…
October 21, 2017 at 8:02 am | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා තම සිරගත දිවියේ අත්දැකීම් අලලා ලියූ ‘යදමින් බැඳි අක්ෂර: විමල් වීරවංශ සිරගත කරන ලද සිතුවිලි’ කෘතිය ඔක්තෝබර් 22 වැනි ඉරිදා සවස 3:00ට කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී ජනගත කිරීමිට නියමිත ය.
මෙම කෘතිය විමල් වීරවංශ මහතා සිරගතව ලියූ දෙවන කෘතිය ද වේ. මීට ඉහත දී ජනගත කළ ‘රටට උවමනා වම’ එසේ ලියූ පළමු කෘතිය ය.
මෙම කෘතිය ජනගත කිරීමේ උත්සව සභාවෙහි ප්‍රධාන දෙසුම සිදු කරනු ලබන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ධුරය දරන රාජ් සෝමදේව මහතා විසිනි. කතුවර විමල් වීරවංශ මහතාගේ දෙසුමක් ද මෙහිදී සිදු කිරීමට නියමිතය.
කෘතියෙහි අන්තර්ගත කතුවරයාගේ ගේය පද රචනයක් රූප රචනයක් සහිතව ගීතයක් ලෙස ජනගත කිරීම ද මෙහිදී සිදු කෙරේ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
Loketa Parakase Gedarata Maragate ??
moowa thawa aurudu kihipayakate athulata daanna …thwa honda honda poth kihipayak liyawagannda puluwan
me miniha inna eka punchi ammalage minissunta hari ammaruwak. karanna deyak naha, rate janathawa inne kaa ekkada kiyana eka hama chandekadima wimal layisthuwe ihalatama ena eken penennawa. jvp ekata eelanga chandawaladi 0 thamayi.
U WASA,
UMBE AMMATH PUNCHI AMMA KENEK NAM ,LAPAYATA HAHI WENATH JEPPEKUTA BAARA DEEPAN
මේ කෘති ලබාගත හැක්කේ කෙසේද ? කරුණාකර සදහන් කරන්න
අපේ සුභ පැතුම්
Congratulations!!!!