යන ගමන් මාර්ගය වැරදියි කියා මැතිවරණයේදී ජනතාව කිවුවා..- මෛත‍්‍රී

February 24, 2018 at 5:30 pm | lanka C news
යන ගමන් මාර්ගය වැරදියි කියා මැතිවරණයේදී ජනතාව කිවුවා..- මෛත‍්‍රී

දේශීයත්වයට මුල් තැන දෙන ශක්තිමත් ජාතික රාජ්‍යක් ගොඩනැගීම තම පක්ෂය වන එක්සත් ජාතික නිදහස් පෙරමුණේ අරමුණ බව එහි ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ පසුගියදා රාජගිරියේ පැවති විද්වත් හමුවීමකට සහභාගී වෙමිනි.වැඩි දුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා,

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී අපි ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කරා,එහිදී අපි ජනතාව කියපු මුලික කාරණා කිහිපයක් තිබුනා.ඒ අතරින් ප්‍රධාන උනේ දුෂණයෙන් වංචාවෙන් තොර පළාත් පාලන ආයතනයක්,ඒ වගේම ඩෙංගු වැනි මාරාන්තික බෝ වන රෝගවලින් තොර පළාත් පාලන ආයතනයක් කියන කාරණයයි.ජනතාව අපේ මතවාදයට කන්දෙමින් අපිට පළාත් පාලන ආයතන 63 කින් මන්ත්‍රීධුර 23 ක් ලබලා දුන්නා.අපේ පක්ෂය නිර්මාණය කරලා දවස් 147 ක් තරම් කෙටි කාලයකදී මේ ලබපු ජයග්‍රහණය ඉතා විශාල ජයග්‍රහණයක් විදියට අපි දකිනවා,යනුවෙන් එතුමන් ප්‍රකාශ කළා.

තව දුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා කියා සිටියේ,

අද ප්‍රධාන දේශපාලන පක්ෂ ගැන රටේ ජනතාව කලකිරිලා ඉන්නේ.විකල්ප දේශපාලන පක්ෂයක ප්‍රජාතන්ත්‍රවාදී සමාජ සංවිධානය ලොකු අඩුවක් රටේ තියනවා.ඒ හිස්තැන අපි විශ්වාස කරනවා අපේ පක්ෂය හා අපේ මතවාදය හරහා පුරවන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා.මේ රටට අවශ්‍ය දේශීයත්වයට ගරු කරන හොද ශක්තිමත් නායකත්වයක්,එහෙම නායකයෙක්ට පමණයි රට එක්සේසත් කරලා සියලු ජාතීන් එක කොඩියක් යටට ගෙනත් ඉදිරියට ගෙනියන්න පුළුවන්.බටහිර හා යුරෝපිය රටවල් විසින් සෘජුව හසුරුවන නායකයෙක්ට මේ රට ඉදිරියට ගෙනයාමට නොහැකි බව දැන් අවුරුදු 70 ක් තිස්සේ මේ රටේ ස්වදේශික ජනතාව ඔප්පු කරලා තියනවා.

පසුගිය මැතිවරණයේ ප්‍රතිපලය මීට හොද පණිවිඩයක්.ජනතාව සියලු ප්‍රධාන පක්ෂවලට පණිවිඩයක් දීල තියනවා ඒ ඒ පක්ෂවල දැන් තියන ගමන් මාර්ගය වැරදි කියලා.ඒ නිසා අපි කියනවා මේ රට හදන්න පුළුවන් දෙශිත්වයට මුල් තැන දෙන අපේ රටේ මිනිස්සුන්ගේ ජන මනස හැසිරෙන විදිය දන්නා නායකයෙක්ට විතරයි කියලා.අන්න ඒ අවස්ථාව අපි පක්ෂයක් විදියට හදුනාගෙන තියනවා.මේ නිසා අපි ඉදිරියේදී එන සැම මැතිවරණයකදීම ජනතා මතයට ගරු කරමින් අපේ පක්ෂයේ ගමන් මග නිවැරදි දිසාවට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා යනුවෙන් සදහන් කල ඒ මහතා තව දුරටත් මෙසේද පැවසිය,

අපේ ඉලක්කය ස්වදෙශියත්වයට මුල් තැන දෙමින් ලංකාව තුල ජිවත් වෙන සියලු ආගම් සියලු ජාතින් එකතු කරන නොබෙදුන රටක් නිර්මාණය කිරීම ඒකට නිවැරදි නායකත්වයක් මේ රටට අවශ්‍ය වෙනවා අන්න ඒ කියන ශක්තිමත් නායකත්වය නිර්මාණය කිරීමයි.අපේ අරමුණ අල්ලසින් දුෂණයෙන් තොර රටක් නිසි ආර්ථික ප්‍රතිපත්තියක්,ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්,ඒකීය රටක්,සියලු ජාතීන්ට නිදහසේ ජීවත්වෙන්න පුළුවන් සාමකාමී රටක් අපේ පක්ෂයේ මුලික අරමුණ වෙනවා යනුවෙන් ඒ මහතා මෙහිදී අවසාන වශයෙන් සදහන් කළේය.

– කේ.ටී.දර්ශන

40 views

7 Comments to “යන ගමන් මාර්ගය වැරදියි කියා මැතිවරණයේදී ජනතාව කිවුවා..- මෛත‍්‍රී”

  1. මාතලේ බණ්ඩා says:

    ලබන ජනාධිපතිවරණයට UNP යෙන් සජිත් පේමදාස ඉදිරිපත්වෙනවා.ඔබතුමාගේ සහයෝගයත් ඔහුට ලබාදෙන්න.මොකා ආවත් සජිත්ට පරාදයි.

    • Kehelwaththe Lapaya says:

      Bando issara thibuna hathars satha paha dakala thiyana wada. ? Mokatada kiyala ahanna epa hitha ganin mole thiyanawa nam.

    • Ravi.K says:

      Sajith ochchara wedek Nam awurudu 24 k hitapu hambanthotin tissue ama asanayawath dinanna behe .
      Hambantota m.c.
      Hambantota p.c
      Tissa p.c
      Lunugamwehera
      Samantha result eken unp eka Chanda 35000 n paradai.ithin sajith illuwath okama thamai.pakse hadanna kelin wenna epai.

  2. Gadol says:

    රටට ජාතියට ආගමට ලැදි මහින්ද අගමැති කිරීමෙන් මේ සියල්ලම ඉටුකර ගත හැකිය

  3. ගුණේ අයියා says:

    මැතිවරණයේදී ජනතාව කනට ගැහුවේ ආප්පයගේ නේ බන්…

  4. sa says:

    mokada ban mey apathaya.moo mokedda. moo jathika nayakayekda. m3 goorathne .ane sako balako ara ballek giya yd

  5. Sadda says:

    එහෙනම් යූඑන්පියේ දේශයට ගරුකරන අයගෙන් චන්දෙ ඉල්ලා ජනාධිපතිවරණයට සජිත් ඉදිරි පත් කරන්න නැතින්ම් ඔයාම ඉල්ලන . අපිට මහින්ද ඕනාවටත් වඩා හොදයි .

Main News