IMF යමු කියන්නේ වසලයන්…

August 8, 2022 at 11:20 am | lanka C news
IMF යමු කියන්නේ වසලයන්…

මෙරට ආර්ථික අර්බුදය විසඳා ගැනීමට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගන්නැයි කිසිවකු පවසන්නේ නම් ඔවුන් වසලයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

1978 සිට මේ දක්වා වූ කාලයේ මෙරට ආර්ථිකය දෙස හැරී බැලීමේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට කළ විනාශය පැහැදිලි බව ද හෙතෙම සඳහන් කළේය.

එම අරමුදල ණය ලබාදීම සඳහා තවදුරටත් මෙරටට කොන්දේසි දැමීම තුළින් මෙරට විනාශය තවදුරටත් පළල් වී ඉදිරි යන බවද ඒ මහතා පැවසීය.

එනිසා එම අරමුදලෙන් ණය ලබාගැනීම සඳහා තම පක්ෂය කිසිදු සහයක් ලබා නොදෙන බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

12,092 views

31 Comments to “IMF යමු කියන්නේ වසලයන්…”

  1. ඇත්ත says:

    මෙයා තමයි ගෝට ට IMF යන්න එපා කියලා මුල ඉදන් ම කීවේ. කලින් ම ගියා නම් මෙහෙම අවුලක් වෙන්නේ නැනේ. තවත් කියවනවා.

  2. S.Vitharana says:

    අපි ඉස්සර ඔබතුමාට කිවුවේ Comrade Vasu කියල. මම මේ වෙලාවේ රට බේරා ගැනීම සඳහා IMF යා යුතුයි කියන කෙනෙක්. මම වසලයෙක් නම් ඔබ තුමා වසලයෙ ගේ සහෝදරය.

  3. Najachcha Wasalo Hothi says:

    Buddha Darshanaye dheshana kara athi “Wasala Suthraye” mese deshana kara nomatha.

  4. රෙද්දෙ says:

    එහෙනං උබේ ඉඩං විකුණල රට ගොඩ දාපං…..නාකියා…….මුං තමයි ගෝටා ටත් ඇරියෙ තෙල් නැතිවම…..කාලකන්නියා……

  5. Diesel says:

    ඔය කියන අවුරුද්දේ ඉඳන් IMF වෙලාවට ගිය නිසා තමා මිනිස්සුන්ට ලොකුවට ආර්ථික අර්බුධයක් නොදැනී රට මේ තත්වෙට නොවැටී තිබු‌‌නෙ
    මෙදා පාර system එකම change‌ වෙලා ගියානෙ
    IMF ගියෙ නෑ කලිං වතාවල වගේ වෙලාවට
    දැන් පේනවනෙ වෙලා තියෙන දේ
    ඇයි මේ වගේ මෝඩයො පාර්ලිමේන්තුවෙ ඉන්නෙ

  6. Kandy whip says:

    This guy’s children are not in this country. They are living in those western countries these old joker condemn day in and day out. These types of Hyprocrtes should be chased out from politics.

  7. හෙළයා says:

    ඔව් ඉතින්. අපේ හෙළයන් එකමුතු වෙලා නැවතත් අපේ පැරණි සරල ජීවන රටාවට යොමු වෙන්න පුළුවන් නම් ඉතින් ඔය එක පරයෙක්ගේ වත් කෙහෙල්මල් ඩොලර් ඉස්සරහ පදිරි වෙලා හිඟා කන්න ඕන නෑ තමයි. අපේම හෙළ ජීවන රටාව, හෙළ ආහාර රටාව, හෙළ ගොවිතැන් ක්‍රම, හෙළ වෙදකම, හෙළ කර්මාන්ත වලට යොමු වුනා නම් ඔය පරයන්ගේ ඩොලර් අපට තිබුණත් එකයි නැතත් එකයි. ඒත් ඉතින් අපේ රටේ දැන් ඉන්න අති බහුතරයක් වෙච්ච කිසිම එකමුතු කමක් නැති, බටහිර ගැති, බඩජාරි නාමික හෙළයන්ගෙන් කොහොමද එච්චර දෙයක් බලාපොරොත්තු වෙන්නේ? 90න් පස්සේ ඉපදිච්ච ‘රෝං ජෙනරේටර්’ කාරයන්ට විතරක් නෙවෙයි පස්සේ කාලෙක පොහොසත් වෙච්ච පරණ පරම්පරාවේ සෑහෙන පිරිසකටත් දැන් මුල අමතක වෙලා. සුද්දාගේ කෙහෙල්මල් තාක්ෂණයටයි ගොන් ආතල් ජීවන රටාවටයි උන් දැන් වහල් වෙලා. ළඟදි දවසක අපේ පැත්තේ තරුණ ගැටව් ටිකකට මේ දේවල් ගැන පැහැදිලි කරන්න ගිහින් කුණු බැණුම් අහ ගත්තා විතරක් නෙවෙයි ගුටි නොකා බේරුණෙත් අනූ නමයෙන්. 😢 අඩුම තරමේ උන් මගේ වැඩිහිටි කමට වත් ගරු කලේ නැහැ. 😢 අපේ හෙළයන් දැන් ඒ තරමටම පිරිහිලා. උන් කියනවා උන්ට ගල් යුගයට යන්න බැහැ ලු. ඔන්න ඕකයි දැන් ඉන්න නාමික හෙළයන්ගේ ආකල්ප වල තත්ත්වය. ඉතින් මෙහෙම ජාතියකට ඉතින් සදා කල් උරුම හිඟමනම තමයි. 😢😢😢

Main News