යරුපැදියක් ලොරියක ගැටී තරුණයන් දෙදෙනෙකු මිය යයි..

January 2, 2020 at 12:40 pm | lanka C news
යරුපැදියක් ලොරියක ගැටී තරුණයන් දෙදෙනෙකු මිය යයි..

කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේදී එලවළු පටවාගත් ලොරියක යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියි.

කිලිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානය වෙතට එලවළු රැගෙන ගිය ලොරි රථයක් ප්‍රතිවිරුද්ද දෙසින් අධික වේගයකින් පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය අනවාරනය කොට ගෙන ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වරදරාජා ජෙමිනන් හා යාපනය සෙට්ටියාර් මඩම් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සෙල්වනායගම් අජින්තන් නැමති තරුණයින්ය.

අනතුරින් පසු ලොරියේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

54 views

One Comment to “යරුපැදියක් ලොරියක ගැටී තරුණයන් දෙදෙනෙකු මිය යයි..”

  1. Lal - California says:

    Lori karayage varadda…uva hireta dapiya….media eke uge pintoorey dala gahapiyav

Main News