යලත් නෑ.. මහත් නෑ.. බොන්නවත් වතුර නෑ.. දරුණු නියගයක්..

July 18, 2017 at 5:30 pm | lanka C news
යලත් නෑ.. මහත් නෑ.. බොන්නවත් වතුර නෑ.. දරුණු නියගයක්..

වව්නියාව දිස්ත්‍රීක්කයට මේ දිනවල බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් මෙහව මහකන්නයේ හා යල්කන්නයේ ගොවිතැන් නැවතුනු බවටත් මේ ව විට දුෂ්කර ගම්මාන කිහිපයකට පානීය ජලය නොමැති වීමෙන් පානීය ජලය ලබා දීමේ වැඩපිළිවලක් ආරම්භ කොට ඇති බවට වව්නියාව දිසාපති එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා කියා සිටියේය.

වව්නියාව දිසාපතිතුමන් මේ බව කියා සිටියේ වව්නියාවේ පවතින නියං තත්වය පිළිබ විමසීමේදීය.

‘මෙවර අපේක්ෂිත කෘෂිකර්මික කටයුතු වව්නියාවේ දැඩි ලෙස පහල බැහැල තියෙන්නේ ගොඩක් වගාවන් විනාශ වෙලා වව්නියාවේ ගොවීන්ට මහ ක්නයෙයි යල් කන්නයෙයි ගොවිතැන් කරගන්න බැරි වුනා දැන් ලබල තියෙන යල් කන්නෙත් 10 % කටත් අඩු ප්‍රමාණයක් තමයි ගොවිතැන් කටයුතු වෙලා තියෙන්නේ.

මේ වන විට බීමට ජලය නොමැති වීමේ තත්වයක් ඇතිවීගෙන යනවා වව්නියාව උතුර හා සෙට්ටිකුලම් වැනි ප්‍රදේශවල සිටින දහසකට ආසන්න පිරිසකට ඒ අයට අවශ්‍ය පානීය ජලය ලබා දෙන්න අපි ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ හරහා ජල බවුසර් මගින් ජල ටැංකි ස්ථාපිත කරල ජලය ලබා දෙන්න පියවර ගන්නවා මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ වන විට රජයෙන් ලැබී තිබෙන්නේ පවතින පෑවිල්ල ඉදිරියටත් පැවතියහොත් පීඩා විඳින ප්‍රමාණය සීග්‍රෙයන් වැඩි වෙනවා ඉදිරියේදී ජලසම්පාදන මණ්ඩලයෙත් සහය අරගෙන වව්නියාවේ ජලය නොමැති ප්‍රදේශ වෙතට ජලය සැපයීමට අවශ්‍ය පියවර ගන්නවා’

කෙසේ වෙතත් වව්නියාව අවරන්තුලාව ,හැලඹගස්වැව,පාවක්කුලම් , පලෙයිඋර් ,සෙට්ටිකුලම් ආදි ප්‍රදේශයන්හි පිහිටි පානීය ළිං සියල්ලක්ම සිඳී යාමත් හේතුවෙන් බීමට ජලය නොමැති වීම නිසා දැඩි පීඩාවන්ට පත්ව සිටින අතර පානීය ජලය සෙවීමට දවසේ වැඩි කාලයක් ගත කරන බවටද එම වැසියන් කියා සිටින අතර ඊට අමතරව වගාවන්ද නියං තත්වයන් හේතුවෙන් සම්පූරණයෙන්ම විනාශ වී යාම හේතුවෙන් එම වැසියන් ගැටලු කිහිපයකට මුහුණ පා සිටිති.

මේ අතර වව්නියාවේ යුද හමුදා කඳවුරු කිහිපයකටද පානීය ජලය නොමැති වීමෙන් එම නිලධාරීන් දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

409 views
Main News