යලිත් අලි-කොටි ගිවිසුමක්
December 6, 2018 at 12:00 pm | lanka C news
පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
දෙමළ ජාතික සංධානය මාසයක් පුරා කිව්වේ අපි ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාවට සහය පළ කලත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට කිසිම සහයක් ලබා නොදෙන බවයි. ඔන්න දැන් ස්ථාවරය වෙනස් කරලා. දෙමළ ජාතික සංධානය රනිල් මහතා අගමැති කරන්න සහය දෙනවාලු. හදිසියේ දෙමළ සංධානය වෙනස් වුණේ ඇයි? දෙමළ සංධානය එකඟ කර ගන්න එජාපය විසින් ලබා දුන්නු පොරොන්දු මොනවා ද? දෙමළ සංධානය මීයක් කඩන්නේ අත ලෙව කන්න නොවේ කියලා අපි දන්නවා. ඒ නිසා එජාපය සහ දෙමළ සංධානය අතර ඇති වුණු ගිවිසුම ජනතාවට හෙලි කළ යුතුයි.
2001 පාර්ලිමේන්තු මැතිවරණය සමයේ අලි – කොටි ගිවිසුමක් තිබෙන බවට මංගල සමරවීර මන්ත්‍රිතුමා හෙලි කළා. නමුත් එජාපය ප්‍රතික්ෂේප කළා. බලයට ආවාට පස්සේ කලේ මොකද්ද? උතුරු නැගෙනහිර කොටි ප්‍රදේශ වල මායිම් පිලි ගනිමින් නොනිල ඊලාම් රාජ්‍යයට පිලි ගැනීමක් ලබා දුන්නා. හමුදා කඳවුරු ඉවත් කර ගත්තා. බුද්ධි අංශ පාවා දුන්නා. අන්තර්කාලින ස්වයංපාලන අධිකාරියක් පිහිටුවන්න කටයුතු කළා.
2015 දී අලි – කොටි ගිවිසුමක පිටපත් තිස්ස අත්තනායක මන්ත්‍රිතුමා හෙලි කළා. එතුමා කූට ලේඛණ ඉදිරිපත් කළා කියලා හිරේ දැම්මා. නමුත් අන්තිමට මොකද වුණේ? ඒ ගිවිසුමේ තිබුණු එකින් එක ක්‍රියාත්මක කළා. පෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනාවා. උතුරු සහ නැගෙනහිර යළි එකතු කරන්න නීති හැදුවා. හමුදා කඳවුරු ඉවත් කළා. කොටි ත්‍රස්තවාදින් නිදහස් කළා. බුද්ධි අංශ යළිත් වතාවක් පාවා දුන්නා. රණවිරුවන් දඩයම් කළා. කොටි පෙරමුණු සංවිධාන වල තහනම ඉවත් කළා.
අලි – කොටි ගිවිසුම් දෙකකින් හොඳටම බැට කෑ මෙරට ජනතාව ඊ ළඟ අලි – කොටි ගිවිසුමෙන් මොන වගේ මල්ටි බැරල් රොකට් ප්‍රහාරයකට ද ලක් වෙන්නේ කියලා දැන ගන්න අයිතියක් තිබෙනවා. ඒ නිසා අලි – කොටි ගිවිසුම වහාම හෙලි කරන්න කියලා අපි එජාපයට කියනවා.
අලි කොටි ගිවිසුම කියලා කිව්වට කමක් නැහැ .මොකද 2001 ගිවිසුම් ඇති වුණේ කොටි සංවිධානය සමග . නමුත් දැන් ඉන්නෙ දෙමළ ජාතික සන්ධානය. ඔවුන් සමඟ ඇති කරගන්නා ගිවිසුම් වලට අලි කොටි ගිවිසුම කියන එක හරිද? මෙවැනි ප්‍රශ්නයක් ඇතැමුන්ට ඇතිවෙන්න පුළුවන්. වේලුපිල්ලේ පිරිබාහරන් කිව්ව විදිහටම අපිට ඉක්මනින්ම අමතක වෙන නිසයි එහෙම හිතෙන්නේ. ඒ නිසා අමතක වෙච්ච ජනතාවගේ මතකය අලුත් කරන්න මම ඡායාරූප කීපයක් පෙන්වනවා.
දෙමළ ජාතික සන්ධානය තමයි ඒ යුගයේ කොටි සංවිධානයේ දේශපාලන අංශය විදිහට කටයුතු කළේ. මේ ඡායාරූපයේ තියෙන්නේ වේළුපිල්ලේ පිරිබාහරන් හමුවීමට ගිය වත්මන් දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන් මහතා කොටි ධජය යටතේ සාකච්ඡාවක නිරතවී සිටින ආකාරයයි.
– අරවින්ද අතුකෝරල
thewani asakk……………..
රනිල් වික්‍රමසිංහ වගේ බල පෙරේතයින් නිසා බෙදුම්වාදය ශක්තිමත් වෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන මෝඩ සිංහලයන්ට දැන් වත් හිතන්නට කාලයයි.
2.50 politics karanna epa. if TNA support to MAHINDA they are become to Rabbits
Rata bera gaththe Mahinda Rajapaksa Saha ranawiruwan Dahas ganak Satan vadilaya.
UNP yuddaya nima kireemata haras kapuwanya.
Ape mau bimata drohi wannanta chandayakadee padam uganviya yuthuya.
Hela Karumaya …Gommanpilaya Koojitha Wela Inne
Me paara Neethi Tharka walata Photo Witharada Hamba Une .?
ay TNA UNP gahapu Agreement Hoyaganna Bari Unada ?
Hora Attrony Gahapu Eke Bari Unada Attanaayaka Wage Agreemant Ekak Hadala Ganna ?
මෙයා තමයි පොහොට්ටුවත් මහින්ද මහත්තයත් විනාශකරන එක බකපඬිතයෙක්
හා හා කයිය පැත්තකින් තියලා සුද්දගේ සල්ලි දුන්නානම් මහින්දට කෙලවන්නතුව.
දිනපු නඩුවකුත් නැති කට කියවීමෙ කෙලවරකුත් නැති මේ සතා තමයි මහින්ද මහත්තයට කෙලවන ප්‍රධාන කෙනා.දිනපතා ප්රවෘත්ති සාකච්ඡා තියතියා පච කෙලින නිසා දැන් කවුරුත් මෙයා කියන දේවල් අහන්නෙ නෑ.වැදගත් දේශපාලනයක් මහින්ද මහත්තයා එක්ක කරන්න ඉන්න මහජනතාව එතුමා එක්ක කලකිරවන්නෙ මේ පරපෝෂිතයො රැල. මේ යකාට මහින්ද මහත්තයා නැතිව පැවැත්මකුත් නැති නිසා බොරු කිය කියා උගත් මහජනතාව අන්දන්නෙ නැතිව පාඩුවෙ ඉන්නවා.