යලිත් කළු ජූලියක්ද…

July 4, 2022 at 6:23 pm | lanka C news
යලිත් කළු ජූලියක්ද…

ආරක්‍ෂක අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

පොලිස්පතිවරයා විසින් ආරක්‍ෂක ලේකම් අමතා ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිලිබඳ තොරතුරු සඳහන් කර ඉදිරිපත් කර ඇති ලිපිය මේ වන විට සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතී.

එම ලිපියේ ‘කළු ජූලිය’ ඉස්මතු කරමින් මේ මස 05 සහ 06 යන දෙදින තුළ සිදු විය හැකි යැයි පැවසෙන ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් පිළිබඳ හෙළිදරව්ව සැලකිල්ලට ගෙන ඇත්තේ බුද්ධි අංශ හරහා ලැබුණු තහවුරු නොකළ තොරතුරු මත පදනම්වය. මෙම තොරතුර බුද්ධි අංශ විසින් තහවුරු නොකළ තොරතුරක් වන අතර එම ලිපියේ සඳහන් පරිදි ‘කළු ජූලිය’ ඉස්මතු කරමින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදුවීමට ඇති ඉඩකඩ පිළිබඳව භුමි තොරතුරු ලැබී නොමැත.

තවද, මෙම ප්‍රහාර ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් සිදු කළ හැකි බවත්, රජය අපකීර්තියට පත් කිරීමට සහ අස්ථාවර කිරීමට නොයෙකුත් රාජ්‍ය විරෝධී කණ්ඩායම් විසින් ප්‍රචණ්ඩත්වය අවුලුවාලිය හැකි බවත් වැඩිදුරටත් දන්වා එවා ඇත.

මෙම බුද්ධි තොරතුරු පිළිබඳව ඉදිරි පරීක්‍ෂණ මේ වනවිට සිදු කරනු ලබන අතර මහජන ආරක්‍ෂාව වෙනුවෙන් ප‍්‍රමුඛතාවයක් ලබා දී ඉහළ ආරක්‍ෂාවක්‌ තහවුරු කිරීම සඳහා සියළු පියවර ගෙන ඇත.

ඒ අනුව මහජනතාව කලබල නොවී තම එදිනෙදා කටයුතුවල නිරත වන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

114,478 views

28 Comments to “යලිත් කළු ජූලියක්ද…”

  1. saleem says:

    ජන අරගලය මැඩලී මේ පුර්ව සූදානම

    • Deen says:

      අරගලය මැඩලුවෙි ජෙප්පොයි පෙරෙටිටොයි එකතු වෙල මැයි මාසේ 09දා. කාලකන්නි රටම ගිනිතියලා මිනිමරලා මංකොල්ල කෑවා. නිර්පාක්සික අරගලය අමු අමුවෙි අලකරා. උන්ගේ බොරැවලට රැවටුන 3000 විතර හිරගෙවල්වල. 09දා සිංහයෝ වගේ චංඩිපාටි දාපු උන්ට ඇපත් නෑ

      • Shantha says:

        මේ මහත්තය, බේරෙ වැවෙන් නෑවෙ මහින්දලාගෙ කට්ටිය කියලයි මම හිතුවෙ. මට වැරදිල එහෙනම්.

    • Deen says:

      කොහේ තියෙන ජනඅරගලයක්ද බං????ජනඅරගලයමැඩලුවෙි ජෙප්පොයි පෙරෙටිටොයි එකතු වෙල මැයි මාසේ 09දා. කාලකන්නි රටම ගිනිතියලා මිනිමරලා මංකොල්ල කෑවා. නිර්පාක්සික අරගලය අමු අමුවෙි අලකරා. උන්ගේ බොරැවලට රැවටුන 3000 විතර හිරගෙවල්වල. 09දා සිංහයෝ වගේ චංඩිපාටි දාපු උන්ට ඇපත් නෑ

      • අමිල says:

        ජෙප්පො නෙමෙයි රටම ගිනි තිබ්බේ සජබ කට්ටිය කරලා මේ රටේ ජෙප්පො එහෙම 88,89 වර්ෂයේත් කරේ ආණ්ඩුව ඔවුන්ට පටවලා ඒ දේවල් ජනතාවට හොරාම කරගත්ත එක තමයි… ඔය පෝස්ට් එක දාන්නෙත් උන් එක්ක හොරා කන සෙට් එක ජෙප්පො ආවොත් හොරුන්ට වෙනදේ දන්නවා ඒකට බය කට්ටිය තමයි ජෙප්පොන්ට බනින්නේ මඩ ගහන්නේ ….

  2. Ratta says:

    රජයට කොහෙද කීර්තියක්

  3. Sarath says:

    Paid writers at work

  4. කමල් says:

    අන්නරයා හා ගුණරත්නම් රටේ විශාල කැළඹීමකට ඉන් අල්ලයි. ජනතාවනි රාජපක්ෂලා ට මෙන්ම දිසානායක ලාටද රැවටෙන්න එපා.

  5. DC says:

    එදා හිටපු ‘ කොටියා’ නැගිට්ටෙ රජයට ඕනෙ නැති වෙලාවට.
    අද ඉන්න ‘කොටියා’ නැගිටින්නෙ රජයට ඕනෙ වෙලාවට.

    රජය කොටියව මට්ටු කළාද නැත්තන් කොටියගෙ පුල්ලි මාරු කරල වැඩට ගත්තද?

    • Koti newei nagitinne. Wanduro. Hanumala. eda meda thura ratama awul jaalayak karapu, rata gini tiyapu, may09wenida Eli bahapu kuhaka, deshadrohee hanumanthala set eka from we la inne… un illan kanna langai

  6. Bandara says:

    බොහෝ විට මෙය රජයේ අනුදැනුම සහිතව කරන ත්‍රස්ත ක්‍රියාවක් වියහැක. එමගින් රජයේ අප්‍රසාදය වලක්වා ගත හැක.

  7. Gamarala says:

    සිංහළ / දෙමල /මුස්ලිම් දැන් සමගියෙන් ඉන්න එක කඩන්න උප්පර වැට්ටියක් වගේ පේන්නේ

  8. Priya says:

    ලොගූවන් සූදානම් …..
    කියවන්න Da Vincy code පොත

  9. 3% ට බය බයියා. says:

    පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු තාම නිදැල්ලේ නිසා ජනතාව ප්‍රවේශම් විය යුතුය .

Main News