යලිත් ජාතික ආණ්ඩුවකට ජනපති කැමති කරවාගන්න ශ‍්‍රීලනිප පිරිසක් කුමන්ත‍්‍රණයේ.. ඇමතිකම් ගණුදෙනු සාකච්චා සම්පූර්ණයි..

December 16, 2018 at 10:35 pm | lanka C news
යලිත් ජාතික ආණ්ඩුවකට ජනපති කැමති කරවාගන්න ශ‍්‍රීලනිප පිරිසක් කුමන්ත‍්‍රණයේ.. ඇමතිකම් ගණුදෙනු සාකච්චා සම්පූර්ණයි..

එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වී නැවතත් ජාතික ආණ්ඩුවක් කරගෙන යාම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමක් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව වාර්තා වෙයි.

මීට හේතුව වී ඇත්තේ මෙම පිරිස තනි තනිව එජාප ආණ්ඩුව හා එක් වුවහොත් ලබා දිය හැකි ඇමති ධුර ගණන කැබිනට් 06ක්ද ඇතුළුව 11ක් පමණක් බව දැනටමත් දන්වා තිබීමයි.

ශ‍්‍රීලනිප කණ්ඩායම විසින් යෝජනා කර ඇත්තේ තමන් සියළු දෙනා කලින් දරන ලද තනතුරු ඒ ආකාරයෙන් ලබා දෙන ලෙස වුවත් ජාතික ආණ්ඩුවක් නොවන තත්වයක් යටතේ එය කිසිසේතම සිදු කල නොහැකි බව එජාපය පාර්ශවයෙන් දන්වා තිබේ.

මේ තත්වය මත කෙසේ හෝ ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ජනාධිපතිවරයා එකග කරවා ගැනීමට ශ‍්‍රීලනිප කණ්ඩායමක් කටයුතු කරමින් සිටී.

යම් හෙයකින් එම උත්සාහය අසාර්ථක වුවහොත් කිහිප දෙනෙකු පුද්ගලික තනි තනිව එජාප ආණ්ඩුව සමගින් එක්වීමට තීරණය කර ඇත.

29,421 Viewers

8 Comments to “යලිත් ජාතික ආණ්ඩුවකට ජනපති කැමති කරවාගන්න ශ‍්‍රීලනිප පිරිසක් කුමන්ත‍්‍රණයේ.. ඇමතිකම් ගණුදෙනු සාකච්චා සම්පූර්ණයි..”

  1. Saradiel says:

    රනිල්ගේ තවත් ගැටයක් රැවටෙන්න එපා විරුද්ද පක්ෂය දුර්වල ක‍රන්න හදන මගොඩියක්

  2. Kolitha says:

    මෛත්‍රි නැවත අලුත් කස්තිරමක..මේ සැරේ මොකාටද?

  3. Ranil says:

    දෝෂාභියෝගයක් පිටපටලවා පරණ සෙල්ලම අලුත් විදිහට..

  4. True Hit says:

    Zoysa…already Gone…
    Best period to Earn Something and Vanish before next election….
    Watch carefully…..

  5. අංකූරා says:

    ජනාධිපති තුමාගේ කතාව අහපු එකෙක් නං, ඌට ඒක තේරෙනවා නං , ඌ මනුස්සයෙක් නං unp එක පැත්ත පලාත බලන්නේවත් නෑ.ඊටත් පස්සෙ යන්න හිතෙනවා නං ඒකා ඌරෙක් !!!.

  6. Asoka says:

    පව් අප්පා සිරගෙ ලනු කාලා මහින්ද නැත්තටම නැතිවුනා. පොහොට්ටුවේ අයව හිල්කරපු බකට්ටුවක් කරා. රට විනාසකරා. අගමැතිකම හොරකම් කරලා මාට්ටු වුනා. විමලයත් දත කට මැදගෙන අමෙතිකම් ගාත්තා තව හොරාකන්න හැබැයි දැන් ඉතින් මහජනතාවත් නැහැ. මේ හැම එකාටම රට බේරාගන්න රට දියුණු කරන්න මාර අමාරුවක් තියෙන්නේ. හැබැයි සුද්දා දාලා ගිහින් අවුරුදු 70කටත් වැඩියි තවම කොළඹ පවුල් 20000 ක් පවුල වලට රෙන්න කක්කුස්සි නැහැ. අගමැතිකම දැන් දුන්නේ නැහැ. හොරාකාපු අගමැතිකමින් එලවාගත්තා

  7. Open mind says:

    මහින්ද විනාශ කළ පරාජිත කණ්ඩායම…….තවත් ලැජ්ජා නැහැ

  8. Jayasingha says:

    No way should SLFPpers join the govt in any form.

Main News