යලිත් දැඩි සංචරණ සීමාද… තීන්දුවට සාකච්චා..

June 25, 2021 at 9:20 am | lanka C news
යලිත් දැඩි සංචරණ සීමාද… තීන්දුවට සාකච්චා..

රට පුරා ක්‍රියාත්මකව තිබූ දැඩි සංචරණ සීමා අද අලුයම හතරට ලිහිල් කිරීමට කටයුතු කර තිබේ.

නමුත් පළාත් අතර සංචරණය තවදුරටත් අත්හිටවා ඇති අතර බස්නාහිර පළාත තුළ කඩසාප්පු විවෘත කිරීම පොදු ප‍්‍රවාහන සේවාව තවදුරටත් සීමා කර තිබේ.

ඉදිරියේ දී සංචාරන සීමා ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න පිළිබඳව අද සාකච්ඡා කිරීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය ජයසුමන මහතා සඳහන් කළේ අද පස්වරුවේ රැස් වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සංචාරණ සීමා සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි.

පවතින වෛරස ව්‍යාප්ති තත්වය ගැඹුරෙන් අධ්‍යනය කරන බවද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ වර්ධනයක් සිදු වුවහොත් ඉදිරියේදී දැඩි සංචරණ සීමාවනට යාමට සිදුවන බවයි.

දැනට ද රෝගීන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන නිසා සංචරණය සීමා දැඩිව පිළිපැදිය යුතු බවද ඒ මහතා කියා සිටී.

117,693 views

5 Comments to “යලිත් දැඩි සංචරණ සීමාද… තීන්දුවට සාකච්චා..”

  1. ධර්මපාල තුමා says:

    ක්‍රිකට් ක්‍රිඩකයන්ට උපදෙසක්
    ඔබලගේ ක්‍රිඩා විලාශය තුල පිතිකරුවන් හා පන්දු යවන්නන් අදාල ප්‍රතිග්‍රහාකයාට කිකරුද නැද්ද. මම දන්නෙ ඒ්ක කිකරු කම ඇතිවන්නෙ ඔබ තුල තියෙන ප්‍රතිගාහක මානසිකත්වය නිසා. අකිකරු කම ඇතිවන්නෙ කෘර කම හින්දා. මම කියන්නෙ මේ අකිකරු කම හා කිකරු කම පසෙකින් තබන්න. ඔබ අරවින්ද සිල්වා වගේ න්‍යායත්මක වෙන්න ඒ් වගේ පන්දුව ගැන සිහියෙන් ඉන්න. තවද ඔබ සනත් ජයසුරිය වගේ එඩිතර හා විෂ්වාසයෙන් යුතු වන්න.ඒ් වගේ වි කිෂ්ණා වගේ කපටි නොවි ක්‍රිඩා කරන්න. තවද පන්දු යවන්නන් රංගන හේරත් වගේ විවිධත්වයෙන්ද මුරලි වගේ දක්ෂකමෙන්ද ලසිත් මාලිංග වගේ ආත්ම විෂ්වාසයෙන් හා න්‍යායත්මක පන්දු යැවිමෙන්ද යෝග්‍ය වන්න.

  2. Jagath says:

    දැන් කොරෝනා කියලා දෙයක් ලංකාවේ නැ. අපේ සර් හොදටම පාලනය කලා PCR අඩු කරලා. 😂😁

  3. Ane manda says:

    Ape rassawal nethi wela wele wel nethuwa inne. Rata arapu dawase idan wahanawa wahanawa kiya kiya innawa. rajaye sewakayanta wage nikan idiyata padi denne ne apita. Mehema giyoth kanna nethiwa thamai merenna wenne.

  4. Anurudha says:

    මේ පිස්සු කෙළින්නේ නැතිව දැන් යන විදියට යමු.මුන්ට හැමිනෙන්න කියමු පරිස්සං වෙන්න බැරිනම් උකාගන්න කියමු ඇති මෙතෙක් රට වහලා තිබ්බා.

  5. Nandasoma Suriyaarachchi says:

    දෙවන රැල්ල ආරම්භයේ ඉඳලම සෞඛ්‍ය අමාත්‍යංශය හා වසංගත රෝග අංශය කටයුතු කළේ මේක වෛරස් රෝගයක් විදියට සලකල නෙවෙයි…..!
    ඒ ගොල්ලන්ගෙ බොරු වචන හරඹය නිසා තමයි කොරෝනා මේ විදියට දරුණු අන්දමට ව්‍යාප්ත උනේ……!!
    මුලින්ම නිසි පියවර ගත්තා නම්, අද මේ අන්දමේ ව්‍යසනයක් වෙන්නෙ නැහැ…….!!!

    අදටත්, එහෙමමයි. සෑම පළාතකින්ම රෝගීන් වාර්තා වෙන අවස්ථාවක තමයි පළාත් අතර සංචරණ සීමා පනවන්නෙ. සාපේක්ෂව එක ප්‍රදේශයක ආසාදිතයන් අඩු උනාම ඒ ප්‍රදේශය වහනව. ඒක වැරදියි….. ආසාදිතයන්, තුන්දෙනා දෙන්න උන කාලෙ කරපු විදියටම තමයි, තුන් සියය දෙසිය අනූව උනාමත් විවෘත කරන්නෙ…….!!!!
    අිසාදිතයන් ටික දෙනෙක් හරි හමු වෙනව නම් එම ප්‍රදේශය වසා තැබිය යුතුයි. එක් ආසාදිතයෙක්වත් හමු නොවී සති දෙකක්වත් ගතවූනාට පසුව එම ප්‍රදේශය විවෘත කළ හැකියි.එහෙම නැතිව කොරෝනා පාලනය කරන්න අමාරුයි……!!!!!