යලිත් පරාදයි… තරගාවලියත් පරාදයි.. ඉසුරු උදාන පමණක් යට කලිසම බේරාගනී… ඩෙ‍්‍රසිං රූම් හිිපිප් හුරේ නෑ..

March 23, 2019 at 8:40 am | lanka C news
යලිත් පරාදයි… තරගාවලියත් පරාදයි.. ඉසුරු උදාන පමණක් යට කලිසම බේරාගනී… ඩෙ‍්‍රසිං රූම් හිිපිප් හුරේ නෑ..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති දෙවන 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 16 ජයග්‍රහණයක් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ ආරාධනාව අනුව මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම තම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 180 ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා පිලට ලබාගත හැකි වූයේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 167 ක් පමණි.

ශ්‍රී ලංකා පිලේ ඉදිරිපෙළ කිසිදු පිතිකරුවෙකු සැලකිය යුතු ලකුණු ප‍්‍රමාණයක් ලබා නොගත් අතර පන්දු යවන්නෙකු වන ඉසුරු උදාන ලකුණු 84 ලබා ගත්තේය. ඊට හයේ පහර 06ක් හා හතරේ පහර 08ක් ඇතුලත් විය.

මෙම පාරජයත් සමග තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය 2-0ක් ලෙස දැනටම පරාජය වී අවසන්ය.

164 views
Main News