යලිත් මහ වැස්සක්.. දිස්ත්‍රික්ක කිහිපයකට අනතුරු ඇගවීම්.. ආපදා සේවා සූදානම් කෙරේ..
June 22, 2017 at 1:20 pm | lanka C news
නිරිත දිග වර්ෂාව යලි සක්‍රීය වීමේ තත්වයක් උදා වී ඇති බැවින් නාය යාම් ගංවතුර අවදානම් ප්‍රදේශ ලෙස දන්වා ඇති ප්‍රදේශයන්හි ජනතාව වඩාත් අවදානයෙන් සිටින ලෙස අපදා කලමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඉදිරි දින තුනක පමණ කාලයක් මෙසේ වැසි තත්වයේ වාර්ධනයක් බලාපොරොත්තු වන බවද පවසන එම මධ්‍යස්ථානය ඒ අනුව සබරගමුව, බස්නාහිර, දකුණ, මධ්‍යම ආදී පළාත්වල නාය යාම් ගංවතුර අවදානම් ඇති ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙසද ඉල්ලා සිටී.
මේ වන විටත් අදාල ප්‍රදේශයන්හි ජනතාව දැනුවත් කරමින් සිටින බවත් හදිසි තත්වයක් සදහා සූදානමින් සිටින ලෙස සියළු රාජ්‍ය නිලධාරීන්ට දැනුවත් කර ඇති බවත් ඔවුන් වැඩි දුරටත් සදහන් කරති.