යලිත් රවීට-දයාසිරිට ඇමතිකම්..? රුපියල රැක ආර්ථිකය-දේශපාලනය ස්ථාවර කරන්නලූ…

October 1, 2018 at 2:10 pm | lanka C news
යලිත් රවීට-දයාසිරිට ඇමතිකම්..? රුපියල රැක ආර්ථිකය-දේශපාලනය ස්ථාවර කරන්නලූ…

ඉදිරි දින කිහිපයේදී තවත් ඇමතිවරුන් කිහිප දෙනෙක නම් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

රවි කරුනානායක හා දයාසිරි ජයසේකර යන මන්ත‍්‍රීවරුනට එහිදී ඇමති දුර නැවත වතාවක් හිමිවනු ඇතැයිද එම ආරංචි මාර්ග සදහන් කරයි.

රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකුද නව පත්වීම් ලබන් ඇති බවත් ඇමති ධුර කිහිපයක වෙනස්කම්ද සිදු කිරීමට නියමිත යයිද පැවසෙයි.

මේ අතර අමාත්‍යංශ ලේකම්වරුන් කිහිපදෙනෙකු ඉවත්කර ඒ වෙනුවෙන් නව ලේකම්වරු පත් කිරීමටද ඉඩක් ඇති බව මාධ්‍ය වාර්තා පල විය.

මේ වන විට රට තුල ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් මෙම පියවර අනුගමනය කරනු ඇතැයිද කියැවෙයි.

28 views
Main News